IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කේ. සිවනේසන් LOLC හෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ 


මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සීහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කාන්තිමනි සිවනේසන් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 

ඒ අනුව මාර්තු 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. මෙතෙක් කලක් සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ දේශමාන්‍ය එම්. ඩී. ඩී. පීරිස් මහතා එම ධුරයෙන් විශ්‍රාම යෑමත් සමගින් හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරීම සිදු කර තිබේ. බදුකරණය පිළිබඳව වසර 20කට අධික අත්දැකීම් සහිත සිවනේසන් මහතා වර්තමානයේදී සුප්‍රසිද්ධ බදු උපදේශන සේවා සමාගමක්වන අමරසේකර ඇන්ඩ් කම්පැනි ආයතනයේ හවුල්කරු සහ බදුකරණ ප්‍රධානියා ලෙසද කටයුතු කරයි.



අදහස් (0)

කේ. සිවනේසන් LOLC හෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site