IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


කොටස් ගනුදෙනු තවදුරටත් වර්ධනයක

කොටස් වෙළෙඳ පොළ ඊයේ ගනුදෙනු ආරම්භයේ දී වාර්තාගත ලෙස ප්‍රගතියක් කරා ගමන් කරමින් සිටි නමුත්, අවසානයේ දී වර්ධනයක් සනිටුහන් කරමින් අවසන් කෙරිණ. ගනුදෙනු ආරම්භ වී පළමු පැය භාගය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,318 ක් දක්වා වූ අතර ගනු දෙනු අවසන් වනවිට එය දර්ශක 17,193.79 ක ස්ථාවර විය. දර්ශක 37.74 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,139.63 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 33.23 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. 

සම්පත් බැංකුව කොටසක් සඳහා රු. 9.35 ක ලාභාංශ ගෙවන අතර එය සඳහා අප්‍රියෙල් 02 කොටස් අයිතිය සෑහේ. මෙදින සම්පත් බැංකුවේ කොටස් වැඩිම ප්‍රමාණයක් හුවමාරු විය. හේමාස් කොටස් වෙන්කරන ලද අතර එක කොටසක් කොටස් පහකට අයිතිකාරීත්වයට කොටස් වනු ඇත. ඩිස්ටිලරීස් කොටසකට ගෙවන ලාභාංශය රුපියලකි. පෑන් ඒෂියා බැංකුවේ කොටසකට ද රුපියලක ලාභාංශ ප්‍රකාශයට පත්ව ඇති අතර ආගරපතන වැවිලි සමාගම කොටසක් සඳහා ශත පහක ලාභාංශ ප්‍රකාශයට පත්කර තිබේ. 2025 අයවැය ප්‍රකාශයට පත්වන අතරතුර වැවිලි සමාගම්වල සේවක වැටුප් වැඩිකිරීම ගැන කරුණු සඳහන් වූ අතර එම වැටුප් ගෙවීම ඉදිරියේ වැවිලි සමාගම්වල මෙහෙයුම් සලකා බලන ගනුදෙනුකරුවන් තෝරාගත් වැවිලි සමාගම්වල කොටස් කෙරෙහි අඩු අවධානයක් දක්වනු ඇතැයි සැලකිය හැකිය. 

මෙදින මෙහෙයවන ලද ගනුදෙනු 27,372 ක් වාර්තා වූ අතර එහි දී සමාගම් 108 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහතට වැටුණ සමාගම් ගණන 133 කි. දිනයේ පිරිවැටුම රු. බිලියන 5.49 ක් විය. වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 6,062.1 ක් විය. පෙබ. 17 වැනිදා අයවැය අතරතුර විදේශ මිල දී ගැනීම් රුපියල් බිලියන 1,150 ක් දක්වා ඉහළ ගොස් තිබීම වාර්තාගත සිද්ධියකි. එදින විදේශ ආයෝජකයන්ගේ විකිණීම් රු. මිලියන 413 කට සීමා විය. 

සම්පත් රු. මිලියන 517 ක්, සියෙරා කේබල් රු. මිලියන 369 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 274 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 216 ක්, ලංකා ඉන්දියන් ඔයිල් රු. මිලියන 186 ක් සහ හේමාස් හෝල්ඩිං රු. මිලියන 180 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය.

 



අදහස් (0)

කොටස් ගනුදෙනු තවදුරටත් වර්ධනයක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site