IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


කිතුල් කාර්මිකයන්ට රක්ෂණාවරණයක්

 


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


කිතුල් කර්මාන්තයේ නියුතු කිතුල් කාර්මිකයන් වෙනුවෙන් රක්ෂණාවරණයක් හඳුන්වාදීමේ වැඩසටහනක් පිටිගල බඹරවාන ගැමිදිරිය ශාලාවේදී ඉකුත්දා පැවැත්විණ.

කෘෂි රක්ෂණ මණ්ඩලය කිතුල් කාර්මිකයන් වෙනුවෙන් මෙම නවතම රක්ෂාවරණය හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

 එහිදී කිතුල් කර්මාන්තයේ යෙදී සිටියදී සිදුවන අනතුරකදී සහ අනෙක් අවස්ථාවලදී ඔවුනට අත්වන රක්ෂණාවරණය සම්බන්ධව කිතුල් කාර්මිකයන් දැනුම්වත් කිරීම මෙන්ම ඒ සඳහා කළයුතු කාර්යයන් පිළිබඳවද දැනුම්වත් කිරීම සිදු කෙරිණු අතර එම රක්ෂණය සඳහා කිතුල් කාර්මිකයන් ඇතුළත් කර ගැනීමද සිදු කෙරිණ. 



අදහස් (0)

කිතුල් කාර්මිකයන්ට රක්ෂණාවරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site