IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


කොමර්ෂල් බැංකුවෙන් නව Visa Elite ඩෙබිට් කාඩ්පතක්

කොමර්ෂල් බැංකුවෙන් ප්‍රභූ ගනුදෙනුකරුවන් සඳහා වෙන් වූ නව සේවා සහ පහසුවක් අත්විඳීමට සලස්වමින් කොම්බෑන්ක් Visa Signature Elite ඩෙබිට් කාඩ්පත හඳුන්වා දී ඇත.

කොළඹ 7, ආර්. ජී. සේනානායක මාවතේ (ග්‍රෙගරි පාර), අංක 7, දරන ස්ථානයෙහි පිහිටි බැංකුවේ එලීට් බැංකු ශාඛාව ප්‍රතිසංස්කරණය කිරීමට සමගාමීව එළිදැක්වූ වීසා සිග්නේචර් එලීට් ඩෙබිට් කාඩ්පත කොමර්ෂල් බැංකුවේ ගෝල්ඩ් ඩෙබිට් කාඩ්පත් හිමියන්ට හිමිවනු ඇත.

මෙම නවීකරණය හරහා මෙම පාරිභෝගික පිරිස නව ප්‍රමිතියෙන් යුත් සුවිශේෂී වරප්‍රසාද හා සේවා සඳහා හිමිකම් කියන බව බැංකුව පවසයි.

සමස්ත කොමර්ෂල් බැංකු ශාඛා ජාලය හරහා ප්‍රමුඛතා සේවාවවලට හිමිකම් ලැබීමට අමතරව මෙම කාඩ්පත් හිමියන්ට විදේශ සංචාර වලදී අසමසම සේවා ලබා දීම වෙනුවෙන් ලොව පුරා රටවල් රැසක ගුවන් තොටුපොළ විවේකාගාර 1000 ක් සඳහා නොමිලේ  අනුපූරක ප්‍රවේශය ලැබෙන අතර අනුපූරක සංචාරක රක්ෂණයක් ද හිමි වනු ඇත. Max Rewards ත්‍යාග ලකුණු වේගයෙන් රැස් කර ගැනීමට හැකි වන පරිදි වියදම් කරන සෑම රුපියල් 400කට ම එක් ලකුණක් බැගින් ද ඔවුනට රැස් කර ගත හැකි වේ.

හඳුන්වා දුන් නව වීසා සිග්නේචර් එලීට් ඩෙබිට් කාඩ්පත පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: “මෙය අපගේ ගනුදෙනුකරුවන්ගේ විශේෂිත වූ අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති අපගේ ඩෙබිට් කාඩ්පත් පෙළට තවත් සුවිශේෂි එකතුවක් වනු ඇත. එමගින් ඔවුන් යන එන ඕනෑම තැනක සුඛෝපභෝගී සහ සුවපහසු බැංකු අත්දැකීමක් සහතික කරන අතර ම එමගින් ඔවුන් වෙනුවෙන් ම කැපවූ අවධානයක් ද ලබා දෙනු ඇත. අපගේ සියලුම වටිනා ගනුදෙනුකරුවන් ගේ ජීවන රටාවට ගැළපෙන විසඳුම් ලබාදීමට කොමර්ෂල් බැංකුවේ කැපවීම මෙම කාඩ්පත හඳුන්වා දීමෙන් පිළිඹිඹු වේ.”



අදහස් (0)

කොමර්ෂල් බැංකුවෙන් නව Visa Elite ඩෙබිට් කාඩ්පතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site