IMG-LOGO

2026 ඔක්තෝබර් මස 09 වන සිකුරාදා


කාර්ගිල්ස් (සිලෝන්) සමාගම කාර්ගිල්ස් බැංකුවේ තවත් කොටස් අත්හරී

  • අලෙවි කර ඇති කොටස්වල වටිනාකම රු. 20,669,039 ක්
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කාර්ගිල්ස් බැංකුවෙහි වැඩිම කොටස් හිමිකරුවා වන කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී සමාගම එහි තවත් කොටස් 4,644,728ක් පසුගිය 16 වැනිදා අලෙවි කළ බව පවසයි. 
මෙහිදී කොටසක් රුපියල් 9.30ත් 9.60ත් අතර මුදලකට අලෙවිය සිදුකර ඇති අතර, එහි වටිනාකම රුපියල් 20,669,039 කි. 
මහ බැංකුව මගින් ලබා දුන් උපදෙස් අනුව මෙම අලෙවිය සිදු කළ බව කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම පවසයි. කාර්ගිල්ස් බැංකුව මගින් පවත්වාගෙන යා යුතු අවම මහජන කොටස් හිමිකාරීත්වය පිළිබඳ නියාමන උපදෙස් ඊට හේතුව වී තිබේ. 
පසුගිය සතියේදීද කාර්ගිල්ස් සිලෝන් සමාගම විසින් සිය කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 57,193,932ක් අලෙවි කරන ලදී. එම අලෙවියට පෙරාතුව සමාගම සතුව කාර්ගිල්ස් බැංකුව තුළ තිබූ කොටස් හිමිකාරීත්වය 350,696,905 කි.



අදහස් (0)

කාර්ගිල්ස් (සිලෝන්) සමාගම කාර්ගිල්ස් බැංකුවේ තවත් කොටස් අත්හරී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site