IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනයට පියවර

නිමල කොඩිතුවක්කු
කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (11) කොළඹදී පැවසීය.
කර්මාන්ත අංශයේ තාක්ෂණික, වෙළෙඳ, නිපුණතා හා පාරිසරික ආදී ක්ෂේත්‍රවලට අදාළ කාලීන අවශ්‍යතා සපුරාගත හැකි වන පරිදි කර්මාන්ත ප්‍රතිපත්ති සම්පාදනය කිරීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගෙන ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ සඳහා දැනට පවතින 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනතේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇති බැවින්, එකී පනත සංශෝධනය කිරීම සඳහා පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවූ බවත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු පැවසීය. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් මේ වන විට එකී පනත සංශෝධනය කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර, පනත සංශෝධනය කිරීමේ කාර්යය සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලබා ගැනීමේ අවශ්‍යතාව නීති කෙටුම්පත් සම්පාදක විසින් පෙන්වා දී ඇත.



අදහස් (0)

කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනයට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site