IMG-LOGO

2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා


ක්‍රිෂාන් බාලේන්ද්‍ර රුපියල් මිලියන 129ක් වටිනා JKH කොටස් මිලට ගනී

භානුක අමරසිංහ 


ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා එම සමාගමේ කොටස් 9,697,870ක් මිලදී ගත් බව එම සමාගම පවසයි. පසුගිය නොවැම්බර් 12 වැනිදා මෙම මිලදී ගැනීම සිදු කර තිබේ. ඒ අනුව කොටසක් රුපියල් 13.64ක් බැගින් කොටස් 4,510,637ක්, රුපියල් 12.17ක් බැගින් කොටස් 3,382,978ක් සහ රුපියල් 14.53ක් බැගින් කොටස් 1,804,255 ක් මෙලෙස මිලදි ගෙන තිබේ. මෙලෙස මිලදී ගත් කොටස්වල සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 129 ක් (128,911,756.09ක්) වෙයි. 
මෙහිදී අදාළ කොටස් මිලදී ගැනීම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් එහි සේවකයන් වෙත මිලදී ගැනීම සඳහා ලබාදී තිබෙන ක්‍රමවේදය (ESOP) යටතේ සිදුව තිබෙන බවත් සඳහන් වෙයි.

 



අදහස් (0)

ක්‍රිෂාන් බාලේන්ද්‍ර රුපියල් මිලියන 129ක් වටිනා JKH කොටස් මිලට ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site