
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
අපනයන කෘෂි මහිම පොකුරු ගම්මාන වැඩසටහන යටතේ ගාල්ල දිස්තික්කයේ නෙළුව මාවනාන පොකුරු ගම්මාන වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
අපනයන කෘෂි මහිම පොකුරු ගම්මාන වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව මාවනාන, ඉහළ ගිගුම්මඩුව, පහළ ගිගුම්මඩුව අපනයන කෘෂි නිෂ්පාදන සමිති පිහිටුවීම මීට සමගාමී උත්සවය නෙළුව මාවනාන, පිටකන්ද ඥානාලෝක විහාර පරිශ්‍රයේදී පැවැත්විණ.
මේ උත්සවයේදී වගාකරුවන් ලියාපදිංචි කර ගැනීම, පසු අස්වනු ආයෝජන ආධාර වැඩසටහන් හරහා සියයට 50 දායකත්වය යටතේ මිල දී ගත් ගම්මිරිස් බීජ වෙන්කිරීමේ යන්ත්‍ර ඇතුළුව මිලදී ගත් අනෙක් කෘෂිකාර්මික යන්ත්‍ර හා බීජ වේළීමේ යන්ත්‍ර මිල දි ගත් වගාකරුවන් සහ ව්‍යවසායකයන් සඳහා ඊට හිමි චෙක්පත් ලබාදීමද සිදු කෙරිණි.
අපනයන කෘෂි බෝග වගාවේ නිරත වගාකරුවන් සඳහා අපනයන කෘෂි මහිම පොකුරු ගම්මාන වැඩසටහන යටතේ නොමිලේ පැළ ලබා දීමද මෙදින සිදු කෙරිණ.
මේ අවස්ථාවට නෙළුව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ.ජයසුන්දර, ඇතුළු පළාත් පාලන නියෝජිතයන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්යක්ෂ ලක්මි මධුශානි යන මහත්ම, මහත්මීන් ඇතුළු එම ආයතනයේ නිලධාරීන් පිරිසක්ද, නෙළුව මාවනාන, ඉහළ ගිගුම්මඩුව, පහළ ගිගුම්මඩුව ප්‍රදේශයේ අපනයන කෘෂි බෝග වගාවේ නිරත වගාකරුවන්, ව්‍යවසායකයන් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
කෘෂි පොකුරු ගම්මාන ආරම්භ කරන්නන්ට ප්රතිලාභ පිරිනැමේ