IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


කළුතර හැඩ කරන්න කළුතර එක්සත් වෙළෙඳ සංගමයේ දායකත්වය

කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි 


පළාත් පාලන සතිය නිමිති කරගෙන කළුතර මහ නගර සභාව හා කළුතර එක්සත් වෙළෙඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමය එක්ව කළුතර නගරය අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් ඉකුත්දා ආරම්භ කළේය.
ඒ යටතේ කළුතර ඔරලෝසු කණුව පින්තාරු කිරීමේ කටයුතු ආරම්භ කෙරුණු අතර ඔරලෝසු කණුව වසර 10 ක් යන තුරු නඩත්තු කිරීමටද කළුතර එක්සත් වෙළෙඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමය කළුතර නගරාධිපති ධනුජ් සෝමරතන මහතා සමග ගිවිසුමකට පැමිණියේය. 
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ කෙරුණු අතර කළුතර නගරාධිපති ධනුජ් සෝමරත්න, නියෝජ්‍ය නගරාධිපති සුකුමාල් යන මහත්වරුන් ඇතුළු නාගරික මන්ත්‍රිවරුද, නාගරික කොමසාරිස් පියුමාලි කුලරත්න මහත්මිය ඇතුළු නිලධාරීන්ද, කළුතර එක්සත් වෙළෙඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමයේ සභාපති රංග මනෝජ් ලේකම් මහේන්ද්‍ර පෙරේරා යන මහත්වරු ඇතුළු සාමාජිකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

කළුතර හැඩ කරන්න කළුතර එක්සත් වෙළෙඳ සංගමයේ දායකත්වය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site