IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


කොළඹ ඉඩම් තක්සේරු දර්ශකය සියයට 7.7කින් ඉහළට


භානුක අමරසිංහ 


කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය, 2024 වසරේ දෙවැනි භාගයේදී 236.8ක දර්ශක අගයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

2024 වසරේ දෙවැනි භාගය සඳහා වන ඉඩම් තක්සේරු දර්ශකය ඉදිරිපත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කරයි. ඒ අනුව මෙය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 7.7ක වැඩි වීමක් ලෙස සටහන්ව තිබේ. 

මෙහිදී නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනම පිළිවෙළින් සියයට 9.9ක, සියයට 9.4ක සහ සියයට 3.9ක වාර්ෂික වර්ධනයක් වාර්තා කරමින් මෙම ඉහළයාමට දායක වී තිබේ. 

කෙසේ වෙතත් අර්ධ වාර්ෂික පදනමින් බැලූ විට, 2024 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයන්ට සාපේක්ෂව එම වසරේ දෙවැනි භාගයේදී ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක අඩු වේගයකින් වර්ධනය වී ඇතැයි මහ බැංකුව පවසයි. 

 



අදහස් (2)

කොළඹ ඉඩම් තක්සේරු දර්ශකය සියයට 7.7කින් ඉහළට

අනුර වරාගොඩ Friday, 28 February 2025 07:19 PM

හොඳයි, ඒ සිදුවීම නමුත් මට දැනගැනීමට බලාපොරොත්තු වෙනවා. කොළඹ 1 සිට කොළඹ 15 දක්වා ඇති ඉඩම්, වානිජ ගොඩනැගිලි, ගෙවල් පිළිබඳව වෙන්වෙන්ව වටිනාකම් පිළිබඳ කරුණු ඉදිරිපත් කරන ලෙස ස්තුතියි ඔබට...!

:       0       0

අනුර වරාගොඩ Friday, 28 February 2025 07:22 PM

ඉතාමත් හොඳයි... නමුත් කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ඇති සියලු ඉඩම්, වාණිජ ඉඩම්, ගොඩනැගිලී, වාණිජ ගොඩනැගිලි ඇතුළුව වෙන්වෙන්ව කරුණු ඉදිරිපත් කරන ලෙස ස්තුතියි ඔබට...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site