IMG-LOGO

2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා


කොළඹගේ මාවතේ නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ ඇක්සස් ඉංජිනියරින්ට


නිමල කොඩිතුවක්කු


කිරුළපන, කොළඹගේ මාවතේ නිවාස ඒකක 615 ක් සහිත නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සැලසුම් කිරීම සහ ඉදි කිරීම් සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අතරමඟ නැවතී තිබූ කිරුළපන, කොළඹගේ මාවතේ නිවාස ඒකක 615ක් සහිතනිව්පස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සැලසුම් කිරීම සහ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම පිණිස 2024 දෙසැම්බර් 30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලංසු කැඳවන ලදුව ලංසු 04 ක් ලැබී ඇත. එකී ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපක් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව ඇක්සස් ඉංජිනියරින් පීඑල්සී වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

කොළඹගේ මාවතේ නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ ඇක්සස් ඉංජිනියරින්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site