ජූනි 3 වැනිදා පැවති තේ වෙන්දේසියේදී මතුරට වැවිලි සමාගමට අයත් ගෝනපිටිය කර්මාන්තශාලාවේ නිපදවනු ලැබූ එෆ්බීඕපී තේ කිලෝවක් සඳහා උඩපුස්සැල්ලාව කලාපයේ මෙතෙක් වාර්තාවූ ඉහළම මිල වන රු.750/-ක් ලබාගෙන ඇත.
ගෝනපිටිය වතුයායේ වතු අධිකාරී මැක්ස්වෙල් පෙරේරා මහතා කීවේ කොළඹ තේ වෙන්දේසියේ තේ මිල දිනෙන් දින පහළ යන අවස්ථාවකදී ලබාගත් මෙම ඉහළ මිල තමන් ලද ජයග‍්‍රණයක් බවයි. මේ සඳහා මතුරට වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරී සුභාෂ් අබේවික්‍රම මහතාගේ මග පෙන්වීම මහත් පිටුවහලක් වූ බවද ඒ මහතා පැවසීය.
තේ අලෙවියේ තැරැව්කාර පාර්ශවය ලෙස ෆෝර්බ්ස් ඇන්ඩ් වෝල්කර්ස් සමාගම ක්‍රියා කළ අතර මිලදී ගනු ලැබුවේ එන්රිච් ටීස් සමාගමයි.
ගෝනපිටිය තේවලට ලොකු ඉල්ලුමක්
බමුණු Monday, 08 June 2015 11:35 PM
කිලෝ එකකට 1000 ගෙවලා ගන්නම්කෝ අපට හොඳ තේ කොළ ටිකක් ලැබෙනවා නම්. ලස්සන ටින් සහ පැකට් වල තිබෙන තේ වල කිසිම රසක් නැත. පෙනුම විතරයි (නි)
මැටිපහන Tuesday, 09 June 2015 04:04 AM
බමුණු, ඔයා කියන දේ හරියටම හරි නෑ. ඕකත් හරියට ප්‍රජාතන්ත්‍රවාදය වගේ. දියුණු රටවල් හොඳ තේ සහ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය බුක්ති විඳිනවා. අපි ජරා තේ සහ කුරුවල් ප්‍රජාතන්ත්‍රවාදය විඳවනවා. ඇත්තටම ගත්තොත් හොඳම තේ තමයි මිල වැඩි; ඒවා එන පැකට් ලස්සනයි. (ම)
මංගල Wednesday, 10 June 2015 06:23 PM
අපේ තේ හැමතැනම හරිම ජනප්‍රියයි (නි)
කරුණාදාස Wednesday, 10 June 2015 06:24 PM
ලංකාවේ තරම් රස තේ වෙන මොන රටකවත් නැහැ (නි)
කුමාර Wednesday, 10 June 2015 06:25 PM
මැටිපහන සහ බමුණු ,ඔබ දෙදෙනාම හරි.නමුත් මම ඇමරිකාවේ හිටියාට ඉන්දියන් කඩවල විකුණන ලංකාවේ කවුරුත් බොන තේ කුඩු පැකට් හොයාගෙන හැතැප්ම 60 ක් යනවා. (නි)