IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ගම්පහ රෝහලට එන රෝගීන්ට සුව පහසුවට තැනක්

ගම්පහ රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ට සුව පහසුවට රැඳී සිටීමට හැකි වන අනන්දමට ‘රයිනෝ රූෆිං ප්‍රඩක්ට්’ සමාගම විසින් ඉදිකළ පරීශ්‍රය පසුගියදා විවෘත කෙරිණී.

ගම්පහ රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ට සුව පහසුව රැඳී සිටීමට හැකියාව ඇති ස්ථානයක් නොවීම විශාල අඩුපාඩුවක්ව පැවැති අතර එම අඩුපාඩුව සපුරාලමින් ‘රයිනෝ රූෆිං ප්‍රඩක්ට්’ සමාගම විසින් ඉදිකළ පරීශ්‍රය එහි කළමණාකාර අධ්‍යක්‍ෂක ඊ.ජේ. ඥාණම් මහතා සහ ගම්පහ මහ රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය හිමාලි විජේගුණසේකර මහත්මිය ඇතුළු පිරිසක් එලෙස විවෘත කළහ.

ගම්පහ මහ රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය හිමාලි විජේගුණසේකර මහත්මිය කළ ඉල්මකට අනුව ‘රයිනෝ රූෆිං ප්‍රඩක්ට්’ සමාගම විසින් මෙම පරීශ්‍රය ඉදිකොට ඇති අතර සීය දෙනෙකුට පමණ එකවර එහි සුව පහසුව අසුන් ගෙන සීටටීමට හැකි වන අන්දමට එම ස්ථානය සකස් කොට ඇත

‘රයිනෝ රූෆිං ප්‍රඩක්ට්’ සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂක ඊ.ජේ. ඥාණම් මහතා සහ ගම්පහ මහ රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය හිමාලි විජේගුණසේකර මහත්මිය උත්සව සභාව ඇමතූහ



අදහස් (0)

ගම්පහ රෝහලට එන රෝගීන්ට සුව පහසුවට තැනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site