IMG-LOGO

2026 ඔක්තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා


ගෙස්ටෙට්නර්හි සියයට 50ක් හොංකොං සමාගමකට

භානුක අමරසිංහ

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් පීඑල්සී  (Gestetner of Ceylon PLC) සමාගමේ කොටස් 1,329,115ක් මිලදී ගැනීමට හොංකොංහි ස්ථාපිත වර්ල්ඩ් එලයිට් ලිමිටඩ් (World Elite Limited) නම් සමාගමක් කටයුතු යොදා ඇතැයි පවසයි. මෙය එම සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 50.01 ක ප්‍රතිශතයකි. 

ඊයේ (13) දිනයේදී මෙම ගනුදෙනුව සිදුව තිබෙන බව ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ. ඒ අනුව මෙහිදී කොටසක් රුපියල් 239.75ක මුදලකට අලෙවි කෙරී ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 318.65ක් (318,655,321.25ක්) ලෙස සටහන්ව තිබේ. සමාගමට අනුව මෙම කොටස් අතරින් 1,263,195ක් එහි විශාලම කොටස් හිමිකරුවා වන ගෙස්ටෙට්නර් (ඊස්ටර්න්) ලිමිටඩ් සමාගමෙන් මිලදී ගෙන ඇති අතර, ඉතිරි කොටස් 65,920 වෙළෙඳපොළෙන් මිලදී ගෙන තිබේ.



අදහස් (0)

ගෙස්ටෙට්නර්හි සියයට 50ක් හොංකොං සමාගමකට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site