IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


චීන සංස්කෘතියේ අසිරිය ලයිසියම් සිසුන්ට


නුගේගොඩ, කුරුණෑගල සහ අනුරාධපුර යන ලයිසියම් ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන් සම්බන්ධ වූ විශේෂ සංස්කෘතික හුවමාරු වැඩසටහනක් ඉකුත් සැප්තැම්බර් 21 වැනි දින නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේදී සාර්ථකව පැවැත්විණි. 

‘ශ්‍රී ලංකා සිසුන්ට චීන සංස්කෘතිය’ (Chinese Culture Meets Sri Lankan Students) යන තේමාව යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන හරහා චීන සංස්කෘතිය සජීවීව අත්විඳීමට සිසු දරු දැරියන්ට, ආචාර්ය මණ්ඩලයට පමණක් නොව, මාපියන්ට ද අනගි අවස්ථාවක් උදාවිය.

චීන තානාපති කාර්යාලය සහ ලු‍ම්බිණි කොන්ෆියුසියස් පන්ති කාමරය (Lumbini Confucius Classroom) යන ආයතනවල සහයෝගයෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේ දී සාම්ප්‍රදායික නැටුම්, සංගීතය, චීන සටන් කලාව, කැලිග්‍රැෆි සහ චිත්‍ර කලාව සම්බන්ධයෙන් වැඩමුළු රැසක් ද පැවැත්විණි.

චීන සංස්කෘතියේ සුවිශේෂී පුරාවස්තු ඇතුළත් ප්‍රදර්ශනයක් ද මෙහිදී සංවිධානය කර තිබිණි. මෙම සංස්කෘතික වැඩසටහනට සමගාමීව, ඊට සහභාගී වූ සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නංවාලීමේ අරමුණින් වටිනා අධ්‍යාපනික උපකරණ පරිත්‍යාග කිරීමක් ද සිදුවිය. 


 



අදහස් (0)

චීන සංස්කෘතියේ අසිරිය ලයිසියම් සිසුන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site