IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


චීනය සමඟ තාක්ෂණික ආයෝජනයට සැලසුම්

චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණ ක්‍රමෝපායයන් වර්ධනය කරගැනීමට චීනය සමඟ සාකච්ඡා කළ බවත් ඒ සඳහා අදාළ අවබෝධතා ගිවිසුම් වලට එළැඹීමට නුදුරු දිනක කටයුතු කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඇමැති මේ බව කියාසිටියේ චීනයේ නැනිං නගරයේ පැවැත්වෙන චීන ආසියා ජාත්‍යන්තර වෙළඳ හා අයෝජන ප්‍රදේශයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අදහස් දක්වමිනි.

චන්ද්‍රික තාක්ෂණය, ගුවන් යානා නිෂ්පාදනය හා අභ්‍යාවකාශ තාක්ෂණය, අධීවේගී දුම්රිය, මිනිසුන් රහිත වාහන නිෂ්පාදනය ඇතුළුව නවීන මහා පරිමාණ කර්මාන්ත අවස්ථා පිළිබඳ චීන අයෝජකයන් සමඟ සාකච්ඡා කළ බවත් එම සාකච්ඡා සාර්ථකත්වයට පත්වූ බවත් ඇමැති කියා සිටියේය.

චීනයේ නැනිං නගරයේ පැවැත්වෙන ආසියා චීන ජාත්‍යන්තර වෙළඳ හා අයෝජන ප්‍රදර්ශනයේ විශේෂ ආරාධිත රට ලෙස මෙවර ශ්‍රී ලංකාව සහභාගී විය. සිඑක්ස්පෝ 13 ලෙස නම් කර ඇති මෙම වාර්ෂික ප්‍රදර්ශනය සඳහා මෙතෙක් ප්‍රධාන ආරාධිත රටවල් ලෙස සහභාගී වී ඇත්තේ ඕස්ට්‍රේලියාව හා කොරියාව පමණි. මේ දුර්ලභ අවස්ථාව හිමිවූ ප්‍රථම ආසියාතක රට ශ්‍රී ලංකාවයි.

(ස.වි)

12SEP1 12SEP2 13SEPT2



අදහස් (0)

චීනය සමඟ තාක්ෂණික ආයෝජනයට සැලසුම්

ආනන්ද දොඩන්ගොඩ Thursday, 15 September 2016 09:51 AM

හිටපු බලවතකුගේ පුතෙක් කලින් මේ වාගේ දේවල් වලට චීනය සමග සබඳකම් පවත්වා , යම් යම් දේවල් කළා කියා පුවත් දුටුවා (බ)

:       0       0

ලලිත් Friday, 16 September 2016 08:47 PM

‘නුදුරු‘ කියන්නේ කවදා විතරද? (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 17 September 2016 07:18 AM

ඔක්කොම කියනවා විතරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site