භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව පවසයි.
අප්‍රේල් 08 වැනිදා මෙම මිලදී ගැනීම සිදු කර ඇති අතර, රුපියල් මිලියන 356ක (356,100,000ක) මුදලකට එම ගනුදෙනුව සිදුව තිබේ. The Lighthouse Hotel PLC සමාගම හිරාන් කුරේ මහතා සභාපතිත්වය දරණ ජෙට්වින්ග් සමූහයට අයත් සමාගමකි. එම සමාගම යටතේ අද වනවිට Jetwing Lighthouse, Jetwing Kurulubedda සහ Hotel J – Unawatuna යන හෝටල් ක්‍රියාත්මකව පවතී.
ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී