නිමල කොඩිතුවක්කු
ජාතික මහාමාර්ග පුළුල් කිරීමේ හා වැඩිදියුණු කිරීමේ වැඩසටහන සහ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ මාර්ග ප්රතිසංස්කරණය සහ වැඩි දියුණු කිරීමේ වැඩසටහන යටතේ මාර්ග කොටස් කිහිපයක් වැඩිදියුණු කිරීම සඳහා කොන්ත්රාත්කරුවන් තෝරා ගැනීම සඳහා ජාතික තරඟකාරී ප්රසපාදන ක්රමය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ.
ඒ සඳහා ලැබී ඇති ලංසු පරීක්ෂණයෙන් පසුව අදාළ ඉහළ ප්රසම්පාදන කමිටු විසින් ඉදිරිපත් කරන ලදී කරන ලද නිර්දේශ මත, සාරානුකූලව ප්රතිචාරාත්මක අවම ලංසුකරුවන් පහත පරිදි දක්වා ඇත.
ඒ අනුව (AA004) මාර්ග - රත්නපුර - වැල්ලවාය මඩකලපුව මාර්ගයේ ගැටහැත්ත සිට මොරගල දක්වා මාර්ග කොටස පුළුල් කිරීම සහ වැඩි දියුණු කිරීම, රුපියල් මිලියන 1,485.79කට ආර්ආර් කන්ස්ට්රක්ෂන් (පුද්ගලික) සමාගම වෙත ලබා දී තිබේ.
එසේම පැල්මඩුල්ල - ඇඹිලිපිටිය - නෝනාගම මාර්ගයේ (A018) මාදම්පේ සිට කොස්වැටිය දක්වා වන මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සහ වැඩි දියුණු කිරීම ද රුපියල් මිලියන 3,739.84කට ආර්ආර් කන්ස්ට්රක්ෂන් (පුද්ගලික) සමාගම වෙතම ලබා දී තිබේ.
මීට අමතරව පේරාදෙණිය - හල් ඔළුව - කටුගස්තොට මාර්ගයේ (B365) හදබිම මංසන්ධියේ සිට කටුගස්තොට නගරය දක්වා මාර්ග කොටස පුළුල් කිරීම සහ වැඩි දියුණු කිරීම, මාගා ඉංජිනේරු (පුද්ගලික) සමාගම වෙත ලබා දී තිබේ.
මේ අතර දිව්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ මාර්ග කොටස් ප්රචාරණය සහ වැඩිදියුණු කිරීමේ කොන්ත්රාත්තුව යටතේ නාවලපිටිය - දොළොස්බාගේ මාර්ගයේ කිලෝමීටර 0 සිට 10 දක්වා මාර්ග කොටස, නාවලපිටිය - ගිනිගත්හේන මාර්ගයේ 0 සිට මීටර් 6.840 දක්වා මාර්ග නාවලපිටිය කොටුව 88 දිඹුල මාර්ගයේ මීටර 0 සිට මීටර් 10.500 දක්වා කොටස පුනරුත්ථාපනය කිරීම, රුපියල් මිලියන 763.98 කට එම්/එස් ඊඑල්එස් කන්ස්ට්රක්ෂන් (පුද්) සමාගම වෙත ලබාදීමට ද අනුමැතිය හිමිව තිබේ.
ජාතික මහා මාර්ග පුළුල් කිරීමේ ෙකාන්ත්රාත් සමාගම් තුනකට