×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 අප්‍රේල් මස 21 වන සඳුදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
ජාත්‍යන්තර කාන්තා දිනයේදී DIVA දෑතට දිරියක් ව්‍යවසායිකාවන්ට Online වෙළෙඳපොළක්
කතෘ මණ්ඩලය 2025 මාර්තු මස 10
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
දේශිය ව්‍යළුසායිකාවන්
ජාත්‍යන්තරය රැගෙන
යාමේ අවධානයක්
මේ වනවිටත් පළාත්
හයක ව්‍යවසායිකාවන්
400 කට අධික පිරිසරකට
අවස්ථාව ලැබිලා
ශ්‍රී ලංකාවේ ගෘහ හා පෞද්ගලික සත්කාර අංශයේ ප්‍රමුකු වන Hemas Consumer Brands හි ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීවDiva දෑතට දිරියක් ව්‍යවසායිකාවන් සඳහා Online වෙළෙඳපොළක් දියත් කිරීම පසුගියදා සිදුකෙරිණි. Diva දෑතට දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන හරහා දිවයින පුරා සිටින ව්‍යවසායක කාන්තාවන් සවිබල ගන්වන අතර, මෙම Online වෙළෙඳපොළ ඒ යටතේ දියත් කළ ප්‍රධාන මුලපිරීමකි. මෙම Online වෙළෙඳපොළ දියත් කිරීම වෙනුවෙන් විශේෂිත උත්සව අවස්ථාවක් පැවැත්වුණු අතර ඒ හරහා ව්‍යවසායිකාවන් ඇගයීමට ලක් කිරීමද සිදු කෙරුණි. එසේම ඔවුන්ගේ ව්‍යාපාර ප්‍රාදේශීය, ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණි.
Diva දෑතට දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන හරහා මේ වන විටත් වයඹ, මධ්‍යම, ඌව, උතුරු, දකුණු සහ උතුරු මැද යන පළාත් ඇතුළු ශ්‍රී ලංකාවේ පළාත් හයක ව්‍යවසායක කාන්තාවන් 400 කට අධික ගණනකගේ ජීවිත පරිවර්තනය කර ඇත. Women in Management ආයතනය (WIM) සමඟ එක්ව පවත්වනු ලැබූ පුළුල් පුහුණු සැසි හරහා මෙම ව්‍යවසායිකාවන්ට අවශ්‍ය ව්‍යවසායක කුසලතා, මූල්‍ය දැනුම සහ ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනයට අවශ්‍ය හැකියාව වැඩි දියුණු කිරීම ආදී දෑ පිළිබඳ දැනුම සහ කුසලතා ලබා දී තිබේ. සෑම පළාතකම හොඳම ව්‍යවසායිකාවන්ට ඔවුන්ගේ ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා මූල්‍ය ප්‍රධාන ලබා දීමෙන් ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.
Diva මෙම සාර්ථකත්වය මත පදනම්ව, Diva දෑතට දිරියක් ව්‍යවසායිකාවන්ට Online වෙළෙඳපොළ දියත්කර ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඊ-වාණිජ විසඳුම් සපයන්නකු වන Daraz Sri Lanka ආයතනය සමඟ සහයෝගීතාවෙන් ඇරඹුණු මෙම ඩිජිටල් අවකාශය හරහා මෙම දක්ෂ කාන්තා ව්‍යවසායිකාවන්ට සිය නිෂ්පාදන පුළුල් පිරිසක් වෙත ගෙනයාමට සහ නව වෙළෙඳපොළ වෙත පිවිසීමට දොරටු විවර කරයි. මෙම Online වෙළෙඳපොළ කාන්තාවන්ට ගෝලීය වෙළෙඳපොළේ සමෘද්ධිමත් වීමට අවස්ථා නිර්මාණය කිරීම උදෙසා Diva හි කැපවීම පිළිබඳ කදිම සාක්ෂියකි.
Diva දෑතට දිරියක් ව්‍යවසායිකාවන්ට Online වෙළෙඳපොළ දියත් කිරීමට අමතරව මෙම උත්සව අවස්ථාවේදී සාකච්ඡා වටයක් පැවැත්වුණු අතර එහිදී කාන්තා ව්‍යවසායකත්වය උදෙසා Diva සන්නාමය, Women in Management යන Daraz Sri Lanka පාර්ශව තුනෙහිම දායකත්වය පිළිබඳව සහ Diva දෑතට දිරියක් ව්‍යවසායිකවන්ගේ සාර්ථකත්වය ද ඉදිරිපත් කෙරුණි. මෙම සාකච්ඡාවටHemas Consumer Brands හි අලෙවි අධ්‍යයක්ෂ ශියාන් ජයවීර, Women in Management (WIM) හි නිර්මාතෘ සහ සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා ම, Daraz Sri Lanka හි ප්‍රධාන වාණිජ නිලධාරී ඔෂාන් රණතුංග මහත්ම මහත්මීන් ඇතුළුව Diva දෑතට දිරියක් කාන්තා ව්‍යවසායිකාවෝ තිදෙනෙක් සහභාගී වූහ. මෙම සාකච්ඡාවේදී Diva දෑතට දිරියක් වැඩසටහනේ වැදගත්කම, එය Diva හි සන්නාම අරමුණ සමඟ ඒකාබද්ධ වීම සහ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර සඳහා සහයෝගය ලබාදීම පිළිබඳව අවධානය යොමු විය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශියාන් ජයවීර මහතා මෙසේ පැවසීය. ”Diva සන්නාමය විදිහට අපි, කාන්තාවන් සතු අසීමිත හැකියාව පිළිබඳව විශ්වාස කරනවා. Diva දෑතට දිරියක් Online වෙළෙඳපොළ දියත් කිරීම ඔස්සේ අපි ඔවුන්ව ලෝකයට විවෘත කරනවා. මෙය තවත් එක් ක්‍රියාකාරකමක් පමණක් නොවන අතර කාන්තාවන් සඳහා දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමේ වැඩසටහනක් වනවා.”
ඉහත ප්‍රකාශය තහවුරු කරමින් GTS Products හි හිමිකාරිනිය වන ආර්. කේ. ලක්මාලි මහත්මිය මෙසේ සිය අදහස් දැක්වූවාය. ”Online වෙළෙඳපොළ මගේ නිෂ්පාදන දිවයින පුරා පමණක් නොව අපනයන වෙළෙඳපොළ ට පවා ගෙන යාමට මට උපකාරී වූවා. මම කවදාවත් හිතුවේ නෑ මගේ ව්‍යාපාරය මෙතරම් කෙටි කාලයකින් ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත යයි කියා. මම Diva ඇතුළුව මෙයට සම්බන්ධ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.
‘‘Sufisen Grinding Mills’’ හි හිමිකාරිනිය වන එච්.කේ. ශානිකා ප්‍රභාෂිනි මහත්මිය මෙසේ සිය අදහස් දැක්වූවාය. ”මම මගේ නිෂ්පාදන බෙදාහරින්නේ දන්කොටුව සහ ඒ අවට ප්‍රදේශවල පමණක් වූ නමුත් නව Online වෙළෙඳපොළ මඟින් මගේ නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීමට අවස්ථාව ලැබුණා. මේ තුළින් මට මගේ ආදායම පෙරට වඩා වැඩි කරගැනීමට හැකියාව ලැබුණා.”
ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය විසින් මෙම වැඩසටහන හරහා ලබාදෙන පුහුණුව හා උපදේශනය මගින් ඇතිවන පරිවර්තනීය බලපෑම පිළිබඳව සහ ඒ තුළින් අනාගත අභියෝග සඳහා කාන්තාවන් සූදානම් කර ඇති ආකාරය පිළිබඳව සඳහන් කළාය. ඔෂාන් රණතුංග මහතා විසින් ව්‍යාපාර වර්ධනය සඳහා ඩිජිටල් අවකාශයේ භූමිකාව පිළිබඳව සහ මෙම වැඩසටහන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් කාන්තා ව්‍යයවසායිකාවන්ට ඩිජිටල් කුසලතා වර්ධනය කර ගැනීමට, නව වෙළෙඳපොළ වෙත පිවිසීමට සහ ඔවුන්ගේ ව්‍යාපාර ඵලදායී ලෙස පුළුල් කිරීමට හැකි වූ ආකාරය පැහැදිලි කළේය.
Diva දෑතට දිරියක් වැඩසටහනට සහභාගී වූ කාන්තා ව්‍යවසායිකවන්ගේ සාර්ථකත්වය මෙම අවස්ථාවේ තවත් විශේෂ අංගයක් විය. ඔවුහු සිය ගමන්මඟ ගැන අදහස් බෙදාහදා ගනිමින්, Diva හි සහයෝගයෙන් ඔවුන්ට අභියෝග ජය ගැනීමට, ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කිරීමට සහ මූල්‍ය ස්වාධීනත්වය ලබා ගැනීමට උපකාරී වී ඇති ආකාරය පිළිබිඹු කළහ.
අදහස් (0)
ජාත්‍යන්තර කාන්තා දිනයේදී DIVA දෑතට දිරියක් ව්‍යවසායිකාවන්ට Online වෙළෙඳපොළක්
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
ජාත්‍යන්තර කාන්තා දිනයේදී DIVA දෑතට දිරියක් ව්‍යවසායිකාවන්ට Online වෙළෙඳපොළක්