IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ජොනතන් අලස් සිංගර් (ෆිනෑන්ස්) සභාපති ධුරයට

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමූහයට අයත් සිංගර් (ෆිනෑන්ස්) පීඑල්සී සමාගමෙහි නව සභාපතිවරයා ලෙස ජොනතන් අලස් මහතා පත් කර ඇතැයි පවසයි. ඒ අනුව සැප්තැම්බර් 12 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා එම ධුරය සඳහා පත් කර තිබේ. 

මෙතෙක් කලක් සභාපති ධුරය දැරූ යසලාල් අරවින්ද පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව මෙම නව පත් කිරීම සිදු කර තිබේ. මෙම පත්වීම ලබන අවස්ථාව වන විටත් අලස් මහතා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළේය. 

සිංගර් (ෆිනෑන්ස්) වෙත සම්බන්ධ වීමට ‍පෙර ඒ මහතා හැටන් නැෂනල් බැංකුවෙහි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළේය.



අදහස් (0)

ජොනතන් අලස් සිංගර් (ෆිනෑන්ස්) සභාපති ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site