වසරේ නිෂ්පාදන විවිධාංගීකරණයේ හොඳම අපනයනකරුට හිමි සම්මානය මාස් කැපිටල් සමාගමේ සියාන් සහීර් මහතා ලබා ගනිමින්.
අපනයන ක්ෂේත්‍රයට සහ රටේ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂ දායකත්වයක් ලබාදෙන අපනයනකරුවන් ඇගැයීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 26 වැනි වරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත්දා (7) පැවැත්වුණි. එහිදී 2023/24 වසරේ සමස්ත සම්මාන 14ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 51ක් සහිතව කාණ්ඩ දෙකක් යටතේ සම්මාන පිරිනමන ලදී.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප - සුමුදු හේවාපතිරණ
ජනපති අපනයන සම්මාන ලබා