×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
ට්‍රම්ප්ගේ බදු ක්‍රමයට කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමයේ කණස්සල්ල
කතෘ මණ්ඩලය 2025 අප්‍රේල් මස 07
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
පවතින තීරු බද්ද සියයට 12.5 ක්. ඊට
අමතර තවත් සියයට 44 ක් පැනවෙනවා යනු
මුළු බද්ද සියයට 56.5 දක්වා ඉහළ යාමක්
විමුක්ති එස් රුද්‍රිගු
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘‘අන්‍යෝන්‍ය බදු ක්‍රමය” යටතේ ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44 ක තීරු බද්දෙන් දේශීය ස්වාභාවික රබර් කර්මාන්තයට එල්ල වන බලපෑම පිළිබඳව දැඩිව කණස්සල්ලට පත්ව සිටින බව කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ස්වාභාවික රබර් කර්මාන්තය මෙරට ප්‍රධාන අපනයන අංශයක් බවත්, රැකියා අවස්ථා සහ විදේශ විනිමය ඉපැයීම් යන දෙකටම සැලකිය යුතු දායකත්වයක් සපයන බවත් කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය පැවැසුවේය. පවතින තීරු බද්ද සියයට 12.5 ක් බවත් ඊට අමතර තවත් සියයට 44 ක් පැනවෙනවා යනු මුළු බද්ද සියයට 56.5 දක්වා ඉහළ යනු ඇති බවත් එම සංගමය ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ රබර් අපනයන ඇමරිකානු වෙළෙඳපොළ තුළ ඉතා තරඟකාරී නොවන තත්වයකට පත් කරනු ඇතැයි කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථිකයට මෙන්ම රබර් කිරි කපන්නන්ට සහ ඔවුන්ගේ පවුල්වලටද මින් දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි රබර් වෙෙළඳුන්ගේ සංගමය පැවැසුවේය.
ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් එල්ල වන බලපෑම අවම කිරීමට පහත සඳහන් ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින බව රබර් වෙෙළඳුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය: ඇමරිකානු වෙළෙඳපොළ මත යැපීම අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ස්වභාවික රබර් සඳහා අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීමට රජය දිරිමත් කිරීම් ලබාදිය යුතුය.
දේශීය රබර් ගොවීන් සහ ව්‍යාපාර සඳහා සහාය: තීරු බද්ද නිසා ඇති වූ ආර්ථික පසුබෑමෙන් බේරීමට උපකාර කිරීම සඳහා බලපෑමට ලක් වූ රබර් ගොවීන්ට සහ ව්‍යාපාරවලට ක්ෂණික මූල්‍ය ආධාර, සහනාධාර හෝ සහන පැකේජ ලබා දිය යුතුය.
රබර් අංශය සඳහා දිගුකාලීන උපායමාර්ගික සැලසුම්කරණය: රබර් අංශයේ අනාගත වර්ධනය සහ තිරසාරභාවය සඳහා පුළුල් උපාය මාර්ගයක් සකස් කිරීම සඳහා රජය රබර් වෙෙළඳුන්ගේ සංගමය සමග එකතුව කටයුතු කළ යුතුය.
අදහස් (0)
ට්‍රම්ප්ගේ බදු ක්‍රමයට කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමයේ කණස්සල්ල
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
ට්‍රම්ප්ගේ බදු ක්‍රමයට කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමයේ කණස්සල්ල