මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා හඳුනාගත් වෙළඳපොළවල් ඉලක්ක කරගනිමින් උපායාත්මක ඩිජිටල් අලෙවිකරණ වැඩසටහනක් මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට රජය තීන්දු කර ඇත.
2009 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ වඩාත්ම ශීඝ්‍රයෙන් දියුණු වන ක්ෂේත්රය බවට සංචාරක කර්මාන්තය පත්වීමත් සමග සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි.
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා හඳුනාගත් වෙළඳපොළවල් ඉලක්ක කරගත් උපායාත්මක ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය විසින් ද අනුමැතිය ලබා දී ඇත.
මේ අතර 'ගූගල්' (Google) ආයතනය විසින් සිදු කරන ලද මෑතකාලීන සමීක්ෂණයකට අනුව ලොව සංචාරකයින්ගේ 50%කට වඩා වැඩි සංඛ්‍යාවකට තමන්ගේ ඊළඟ සංචාරක ස්ථානය හෝ එහිදී ලැගුම් ගත යුතු ස්ථාන පිළිබඳව කිසිදු අදහසක් නොමැතිව කටයුතු කරන බව හෙළීවී ඇති අතර මෙවැනි වැඩසටහන් හරහා එහි වාසිය ලංකාවේ සංචාරක ආකර්ෂණය සදහා යොමු කර ගැනීමටද මින් අපේක්ෂිතය.
මේ වන විට සංචාරකයන්ට සිය සංචාරක ගමනාත්තයන් පිළිබඳ තීරණ ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමේදී හා සංචාරක ගමනාන්තයන් ප්‍රචලිත කිරීමේදී අන්තර්ජාලය මාධ්‍ය කොට ගත් ඩිජිටල් හා සමාජ මාධ්‍ය අලෙවිකරණයට ප්රමුඛස්ථානයක් හිමි වී තිබීම හේතුකොට ගෙන මෙම පියවර ගැනීමට රජය තීරණය කර ඇත.
ඩිජිටල් අලෙවිකරණ වැඩසටහනක් නුදුරේදීම
සිල්වා Monday, 04 April 2016 07:57 AM
ඉතා හොද තීරණයක් සංචාරක කර්මාන්තය හරියට කළමනාකරණය කරගතහොත් රටට විශාල මුදලක් ලබා ගන්න පුළුවන් ඒ වගේම එයට සරිලන පසුකම් සැපයීම ඉතා වැදගත්. (බ)