IMG-LOGO

2026 ඔක්තෝබර් මස 07 වන බදාදා


ඩොලරයත් ඉහළ නගී

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (24) දිනය වෙනුවෙන් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනය අනුව එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය රු. 301.12 ක් ලෙසින් සටහන්ව තිබුණි.
මෙය 2024 සැප්තැම්බර් 26 දිනෙන් පසුව ඩොලරයේ මිල රු. 301 සීමාව ඉක්මවා ගිය දෙවැනි අවස්ථාවයි. පසුගිය අප්‍රේල් 10 වැනි දින එය රු. 301.20 ක් ලෙසින් සටහන්ව තිබුණි.
ඊයේ ඩොලරයක ගැනුම් මිල රු. 296.67 ක් හා විකුණුම් මිල රු. 305.06 ක් ලෙසින් සටහන්ව තිබුණි.
මේ අතර ජූනි 20 වැනි දා දක්වා කාලයේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 2.7කින් අවප්‍රමාණය වී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

 



අදහස් (0)

ඩොලරයත් ඉහළ නගී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site