ශ්‍රී ලංකාවේ තේ ඉරානයට අපනයනය කිරීම සඳහා අවස්ථාව දෙන්නැයි රජය කළ ඉල්ලීමට ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගෙන් සුබවාදී පිළිතුරු ලැබුණු බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා කීවේය.
ඉරානයට ඇමරිකා සම්බාධක පැනවීමෙන් ලංකාවේ තේ අපනයනයටද බාධා එල්ලවී ඇතැයිද ඒ බව කෙරීගේ මෙරට සංචාරයේදී පෙන්වාදුන් බවත් මාස කිහිපයක් තුළ අදාළ සහන ලංකාවට ලබාදීමට ඇමරිකාව කටයුතු කරන බවටත් රාජ්‍ය ලේකම්වරයා පොරොන්දුවූ බවද නියෝජ්‍ය ඇමැති පැවසීය.
‘තේ පැන් දින දින වැඩි වැඩියේ - බීමට ඉරානයටත් ඉඩ සැලසේ‘
ඉඳුනිල් Thursday, 07 May 2015 12:34 PM
ලෝක පොලිස්කරු මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවේ (බ)
ධම්ම Friday, 08 May 2015 04:03 AM
හොද වැඩක්.(හේ)
සම්පත් Friday, 08 May 2015 04:04 AM
එහෙනම් රටට හොද ආදායමක් ලබා ගන්න පුළුවන්.(හේ)
ධම්ම Friday, 08 May 2015 04:13 AM
අපි කොහේ ගියත් යන්නේ සර්ගෙන් අහලා. එහෙම තමයි හොඳ ළමයි. (බ)
බණ්ඩා Friday, 08 May 2015 01:17 PM
හරියට හරි මහරජා චීනා පස්සේ ගියාට වැඩක් නෑ..මේ ලෝකේ ඕන දෙයක් කරගන්න ඕන නම් ඇමෙරිකාව පස්සේ යන්න ඕන (බ)
බණ්ඩා Friday, 08 May 2015 01:19 PM
හරියට හරි වල්ගේ පාගාගෙන චීනා පස්සේ ගියාට වැඩක් නෑ. මේ ලෝකේ ඕන දෙයක් කරගන්න ඕන නම් ඇමෙරිකාව පස්සේ යන්න ඕනා (නදී)
ඈන් Saturday, 09 May 2015 03:34 PM
අපි හැමදෙනාම සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න ඉගෙන ගත්තොත් අපිට හොඳයි.(හේ)
ඈන් Saturday, 09 May 2015 03:35 PM
ලෝකයේ බලවත්ම රට ඇමෙරිකාව. අපි හැමදෙනාම සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න ඉගෙන ගත්තොත් අපිට හොඳයි.(හේ)
දුමින්ද Thursday, 07 May 2015 06:39 AM
පොලිස් නිලධාරියාගේ අනුකම්පාව නොවේ ඔය භූමිකම්පාව (ම)
දිලීප විජේසේකර Thursday, 07 May 2015 07:13 AM
තේ කර්මාන්තයට ලොකු සහනයක් මේක නම්. (ම)
දිලීප Thursday, 07 May 2015 07:13 AM
තේ කර්මාන්තයට ලොකු සහනයක් මේක නම්. (බ)
සූරියආරච්චි Friday, 08 May 2015 06:38 AM
තේ වලට හොඳ මිලක් යළි ඇතිවීමෙන් සුළු තේ වතු හිමියන්ට ලොකු සහනයක් වේවි (බ)
ඩී.ෆේ Monday, 11 May 2015 09:34 AM
අපේ රටවල ස්වෙරීභාවය රකින්න කාගෙන්වත් අහනවද ? ඇමෙරිකන්කාරයට බෑ අපට උපදෙස් දෙන්න ,, ඉරාකය ගැන ! (අ)
සරත් Sunday, 10 May 2015 05:15 AM
මේ දෙයින් ලංකාවට ගොඩක් වාසි සිද්ධ වෙයි.(හේ)
සඳා Monday, 11 May 2015 09:38 AM
අපේ රටවල ස්වෙරීභාවය රකින්න කාගෙන්වත් අහනවද ? ඇමෙරිකන්කාරයට බෑ අපට උපදෙස් දෙන්න ඉරාකය ගැන (නදී)
අනුර Thursday, 07 May 2015 08:00 AM
ඉරානය සමග අපි මුලින්ම කරේ තෙල් සහ තේ ගනුදෙනුව යලි ලබා ගතහොත් රටට ලොකු ආර්ථික ශක්තියක් ලැබෙනවා නිසැකයි. ඉතා හොද යෝජනාවක් ! (ම)
මහේෂිකා Thursday, 21 May 2015 03:22 PM
අපේ තේ අපිට ඕන රටවලට විකුනන්න කෙරී ගෙන් අහන්න ඕනද? මේක යකාගේ නීතියක්නේ. අපේ විදේශ ඇමති කොන්ද නමාගන ලෝකේ වටේ ගිහින් ඕකද ලබාගත්ත දේ? (නදී)
විපුල Sunday, 10 May 2015 09:38 AM
කලින් මේක තිබුණා. එහෙම තිබුණා කියලා ලංකාව දියුණු වුනේ නෑනේ. මහ ලොකුවට හිතන්න දෙයක් නෑ. හිතන්න තරම් සංවර්ධනයක් මේකේ නැහැ.(හේ)
රවින්ද්‍ර Tuesday, 19 May 2015 07:15 AM
ඇමරිකාව සමඟත් සම්බන්ධතා අලුත් කරගැනීමට දැන් සුදුසු කාලයයි (නි)