IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


තේ පාලන පනතත් සංශෝධනයට

නිමල කොඩිතුවක්කු
තේ පාලන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (11) කොළඹදී පැවසීය.
1957 අංක 51 දරන තේ පාලන පනතට පහත සඳහන් කරුණු ඇතුළත් කරමින් සංශෝධනය කිරීම සඳහා 2021-01-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව තේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කාර්යයේදී වර්ග කිරීමෙන් අනතුරුව බැහැර කරනු ලබන තේ සඳහා “ප්‍රතිසැකසුම් තේ (Reclaimable Tea) ලෙස නිර්වචනයක් හඳුන්වා දීම.
ප්‍රතිසැකසුම් තේ වලින් තවදුරටත් නිමි තේ නිස්සාරණය කළ පසු ඉතිරි වන කොටස “ප්‍රතික්ෂේපිත තේ” (Refuse Tea) ලෙස නම් කිරීම. තේ සැකසුම්කරුවන් (Tea Processors) ලියාපදිංචි කිරීම, ඔවුන්ට බලපත්‍ර නිකුත් කිරීම සහ පරිපාලනය කිරීම ඇතුළු ඔවුන්ට බලපාන අනෙකුත් නෛතික ප්‍රතිපාදන ඇතුළත් කිරීම.



අදහස් (0)

තේ පාලන පනතත් සංශෝධනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site