කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
ලංකාව ගෝලීය තැඹිලි අපනයන කේන්ද්‍රස්ථානය කිරීමේ අරමුණින් රට පුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවාලීමේ වැඩසටහන යටතේ තැඹිලි වගාව ආරම්භ කිරීමට කැමැති වගාකරුවන්ට නොමිලයේ තැඹිලි පැළ හා සහනාධාර බෙදාදීමේ වැඩසටහනක් අද (1) පස්වරු 2.00ට ගාල්ල හියාරේ දකුණ අශ්වත්ථාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.
වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සහ ගාලු දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
පොල් වගා කිරීමේ මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලය මේ වැඩසටහන සංවිධානය කරනු ලබයි.
තැඹිලි ගම්මාන පිහිටුවීමේ සමාරම්භක උළෙල අද ගාල්ලේදී