ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ රාජ්‍ය,පුද්ගලික හා වාණිජ අංශයේ රැකියා වෙළෙඳපොළට අවශ්‍ය වන පරිදි තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදා කරදෙමින් ඔවුන්ගේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගැනීමටත්, ජාතික ආර්ථිකයට තරුණ දායකත්වයක් ලබා ගැනීමේ අරමුණින් රැකියා පොළක් ඉකුත්දා (15) ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී දිසාපති ඩබ්.ජී. මහේෂ් හේමන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
විවිධ ක්ෂේත්‍රවල පවතින රැකියා අවස්ථා වෘත්තීය පුහුණුව ඒ සඳහා අයදුම් කිරීම මේ තුළින් සිදුවූ අතර ශ්‍රම වෙළෙඳපොළට අවශ්‍ය රැකියා තෝරා ගැනීමට තරුණ තරුණියන්ට මෙහිදී ඉඩ ප්‍රස්ථාව සලසා දී තිබුණි. තම අධ්‍යාපන හා වෘත්තීය පුහුණුවට අදාළ රැකියා තෝරා ගැනීමෙන් දිස්ත්‍රික්කයේ විරැකියාව අවම කිරීම ජාතික ආර්ථිකයට තරුණ තරුණියන් දායක කර ගැනීම, ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීම, ජීවනෝපාය මාර්ග ඇති කිරීමේ අරමුණින් කම්කරු අමාත්‍යාංශය සමග ශ්‍රම බලකා හා රැකියා දෙපාර්තමේන්තුව මෙය සංවිධානය කර තිබුණි.
ත්‍රිකුණාමලයේ රැකියා පොළක්