රිකිල්ලගස්කඩ හා ලග්ගල ගොවීන්ට තක්කාලි කීයකටවත් විකුණා ගත නොහැකිවී ඇත. බොහෝ ගොවීන් තක්කාලි කුණුගොඩට දමා ඇතැයි ද ඇතැම් ගොවීන් ගොවිපොළේම කුණු වෙන්නට ඉඩ හැර ඇතැයි ද කියති. දඹුල්ලේ තක්කාලි කිලෝව රුපියල් 10 හා 20 අතර පවතිද්දී තැරැව්කරුවකු ලග්ගල ගොවීන්ගෙන් කුණු කොල්ලයට ගත් උත්සහායක් නිසා එහි ගොවීහු අමාරුවේ වැටී සිටිති. ලග්ගල හෙක්ටයාර් 400ක තක්කාලි වවා ඇත. රිකිල්ලගස්කඩ ගොවීන් හෙක්ටයාර් 410 තක්කාලි වවා ඇතත් කිලෝවක රුපියල් දෙකකටවත් විකුණාගත නොහැකි තත්ත්වයකට මුහුණ පා සිටියදී කාර්ගිල්ස් ෆුඩ් සිටි සුපිරි වෙළෙඳ හල රුපියල් දහය ගණනේ මිලට ගැනීමට ඉදිරිපත් වී සිටියි.
තැරැව්කරු ලග්ගල ගොවීන් අමාරුවේ දමයි
රාජා Wednesday, 24 October 2012 04:43 PM
බලධාරීන් නිදිද? (නි)
උදය Monday, 05 November 2012 12:34 AM
මේ වගේ ආයතන අසරණ ගොවියන් වෙනුවෙන් ඉදිරිපත්වීම පැසසුම් කළ යුතුයි. රජයත් මේ වගේ ආයතන තව තවත් දිරිමත් කරන්න ඕනේ. (ස)
මිලාන් Monday, 05 November 2012 01:38 PM
ඇයි සතෝස ගොවීන්ට උදව් නොකරන්නේ (ස)
වසන්ත Wednesday, 07 November 2012 10:53 AM
මිලාන් ඔයා දන්නේ නැද්ද සතොසේ සෝස් ෆැක්ටරියක් නෑ කියලා (ස)
දර්ශන් Friday, 09 November 2012 07:42 PM
ගෙවිලියනේ, සෝස් හදන්න ඉගෙනගන්න. නැත්නම් ගොඩයනවා බොරු. (නි)
අමිල Saturday, 17 November 2012 04:38 PM
අයියෝ සල්ලි
කීර්ති Sunday, 18 November 2012 04:37 PM
මධ්‍යම පන්තියේ සිට පහළට සිටින අයට කොන්ද කෙළින් තබා නැගී සිටීමට තව සෑහෙන කලක් යයි වගේ. (නි)
මාරිස් Friday, 23 November 2012 12:12 PM
අහිංසකයට තමයි ඔක්කොම වෙන්නේ (ස)
අනුර Sunday, 25 November 2012 03:23 PM
පිටරටින් එන සෝස් බෝතල් විකුණන්න තියෙන රටේ අපේ ගොවියන්ට සෝස් හදන්න කියලා දෙන්න ක්‍රමයක් නැහැනේ. (නි)
රොහාන් Thursday, 29 November 2012 03:15 PM
දැන් කාර්ගිල්ස් සෝස් ගාණ අඩුවෙයි නේද? (නි)
නිත්‍යා Friday, 28 December 2012 11:53 AM
අහිංසක ගොවියන් නගාසිටුවන්න පියවර ගන්න. (ස)