IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


දුම්වැටි මිල තවත් ඉහළ යන ලකුණු

දුම්වැටියක මිල රුපියල් 55 දක්වා අයවැයෙන් වැඩිකිරීමට පියවර ගනු ඇතැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

මෑතදී සිගරට් මිල රුපියල් 7කින් වැඩිවිය.

එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 15% කිරීම නිසා එසේ මිල වැඩිවන බවත් සුරුට්ටු බීමෙන් ද සෞඛ්‍යයට හානියක් සිදුවන බව ඇමැතිවරයා සඳහන් කළේය.

එබැවින් සිගරට් මිල වැඩිකළද සුරුට්ටු පානය සඳහා යොමු නොවිය යුතු බව සේනාරත්න මහතා අවධාරණය කළේය.

සියලුම දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවල වැට් බද්ද වැඩි කළ යුතු බවත් සෞඛ්‍ය සේවාවේ සියලු වැට් බදු ඉවත් කළ යුතු බවත් තමා රජයට යෝජනා කළ බව ඇමැතිවරයා සඳහන් කළේය.

 



අදහස් (0)

දුම්වැටි මිල තවත් ඉහළ යන ලකුණු

බෙලිගම්මන Tuesday, 25 October 2016 10:41 AM

හොද වැඩක්.. තහනම් කළා නම් හොදයි නේද. ? (බ)

:       0       0

සාලිත Tuesday, 01 November 2016 12:23 PM

මමත් සිගරට් බොනවා තමයි එ් වුණත් වැඩේ හොදයි (අ)

:       0       0

සරත් Friday, 28 October 2016 08:54 AM

දුම්වැටියක මිළ රුපියල් 100ක් කළා නම් වඩාත් හොදයි (බ)

:       0       0

සරත් Friday, 28 October 2016 08:55 AM

දුමි වැටියක මිළ රුපියල් 100ක් කලා නම් වඩාත් හොදයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site