IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


දේශීය අර්තාපල් - බතලවලට අගය එකතු කිරීමේ නිෂ්පාදන හඳුන්වාදීමේ වැඩසටහනක්

මොරොන්තොට – එන්. ආරච්චි


දේශීය අර්තාපල් හා බතල සඳහා අගය එකතු කිරීමේ නිෂ්පාදන හඳුන්වාදීමේ වැඩසටහනක් ඉකුත්දා මාවනැල්ල ගනේතැන්න අවානී හෝටලේ දී පැවැත්වුණි. 
Grand Food Cilon පෞද්ගලික සමාගම විසින් මෙම නිෂ්පාදන සිදු කරනු ලබන අතර එම කර්මාන්තශාලාව මාවනැල්ල, නුන්ගමුව ප්‍රදේශයේ පිහිටා තිබේ.
මෙම නිෂ්පාදනය එළි දැක්වීමේ අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳී, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුෂාර වික්‍රමආරච්චි, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ.ජී. නිශාන්ත, ග්‍රෑන් ෆුඩ් සිලෝන් පෞද්ගලික සමාගමේ සභාපති යසීර් අර්පත්, එහි නිර්මාතෘ හා විධායක නිලධාරී මොහොමඩ් මුනාෆ් යන මහත්වරු ද සහභාගී වී සිටියහ.



අදහස් (0)

දේශීය අර්තාපල් - බතලවලට අගය එකතු කිරීමේ නිෂ්පාදන හඳුන්වාදීමේ වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site