ශ්‍රී ලංකාවේ යතුරු පැදි වෙළෙඳපොළ නවතම දිශානතියකට රැගෙන යමින් TVS ලංකා සමාගම දේශීයව අගය එකතු කර එකලස් කරන ලද TVS යතුරු පැදි, ශ්‍රී ලංකාවේ සියලුම අංශ නියෝජනය වන පරිදි (මෝටර් සයිකල්, ස්කූටර් සහ MOPED යතුරු පැදි) පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කරමින් සිටී.
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් තීරණාත්මක අවස්ථාවකට අවතීරණය වී සිටින මෙවන් සමයක,දේශීයව අගය එකතු කිරීමේ වැඩසටහන යටතේ TVS ලංකා සමාගම යතුරු පැදි කර්මාන්තයෙහි දියුණුව උදෙසා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර, එයින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට තිරසාර හා ලාබදායි ප්‍රවාහන විසඳුම් ලබා දෙනු ලබයි.
කර්මාන්ත අමාත්‍යාශයෙන් හඳුන්වා දුන් දේශීයව අගය එකතු කර වාහන එකලස් කිරිමේ සම්මත මෙහෙයුම් පටිපාටිය යටතේ යතුරුපැදි එකලස් කිරීම සඳහා නවතම වාහන එකලස් කිරීමේ සංකීර්ණයක් රුපියල් මිලියන 500ක පමණ ආයෝජනයක් සිදු කර 2022 වසරේදී හොරණ ප්‍රදේශයේ ආරම්භ කරනු ලැබීය. මෙයින් ශ්‍රී ලංකාව තුළ සිටින වාහන අමතර කොටස් හා උපාංග නිෂ්පාදකයන් දිරි ගන්වමින් ඉන්දියාවේ TVS මව් සමාගම භාවිත කරන ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණික ක්‍රමවේද හා ප්‍රමිතිවල පුහුණුව ද ඔවුනට ලබාදෙමින් ඉතා වටිනා කාර්යභාරයක් ඉටු කරමින් සිටියි. එම උපාංග නිෂ්පාදකයන්ට සහ TVS සමාගම තුළ සේවය කරන සේවකයන්ට ද, ඉන්දියාවේ මව් සමාගම මගින් තාක්ෂණික දැනුම සහ පුහුණුව නිරන්තරයෙන් ලබා දෙමින් ඉහත කී කර්මාන්ත අමාත්‍යංශයේ වැඩ සටහනට නව මුහුණුවරක් කරා යොමු කිරීමට කටයුතු කරමින් සිටියි.
TVS ලංකා පෞද්ගලික සමගෙමේ ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනි මහතා මෙසේ පැවසුවේය. “රුපියල අවප්‍රමාණය කළමනාකරණය කිරීම සඳහා දියත් වූ මෙම ප්‍රයත්නය ඉතාමත් කාලෝචිත යැයි අපි සිතනවා. ශ්‍රී ලංකාවේ අමතර කොටස් හා උපාංග නිෂ්පාදන අංශ දියුණු කිරීම සඳහා අප ඇප කැප වී සිටින අතර, මෙම වැඩ සටහන වෙනුවෙන් සිදු කළ ආයෝජනයෙහි ප්‍රතිඵලයක් ලෙස අපගේ උපාංග නිෂ්පදකයන් TVS සන්නාමය යටතේ ඔවුනට ලොව ඕනැම රටකට උපාංග අපනයනය කිරීමට හැකියාව ලැබීම ගැන අපි සතුටු වෙනවා.
TVS ලංකා සමාගමේ මෙම ප්‍රයත්නය ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට සහ දක්ෂ සේවකයන්ට රැකියා අවස්ථා ලබා දීමටත්, මෙම සැපයුම් දාමයට සම්බන්ධ දේශීය කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට (SME) සුවිශේෂී පිටුවහලක් ලබා දීමටත් හැකි වී ඇති අතර එය ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමටද සමත් වී ඇත. TVS ඉන්දියා සමග සහයෝගෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා නව්‍ය සහ තිරසාර විසඳුම් ලබා දීමටTVS ලංකා සමාගම කැපවී සිටී.
TVS ලංකා සමාගම වසර 30කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගමක් ලෙස, ප්‍රවාහන විසදුම්වල විශිෂ්ටත්වය වෙනුවෙන් විවිධ විශිෂ්ටතා සම්මාන ඇතුළු බොහෝ ඇගයීම් වලින් පිදුම් ලබා ඇත.
දේශීයව අගය එකතු කර එකලස් කරන TVS මෝටර් සයිකල් වෙළෙඳපොළට