×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
ධීවර සංස්ථාව ගාල්ලේ මාළු අස්වැන්න මිලදී ගනී
කතෘ මණ්ඩලය 2020 ඔක්තෝබර් මස 26
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල ධීවර වරායේ ධීවර කාර්මිකයන්ගේ මත්ස්‍ය අස්වැන්න අද (26) මිලදී ගැනිමේ කටයුතු ධීවර සංස්ථාව, ටින් මාළු කාර්මාන්ත ශාලාව හා පුද්ගලික ආයතන මගින් ආරම්භ කොට ඇති බව ගාල්ල ධීවර වරායේ කළමණාකරු නෙරන්ජන් දිසානායක මහතා පවසයි.
ධීවර ඇමතිවරයාගේ උපදෙස් මත ධීවර සංස්ථාව මගින් මත්ස්‍ය අස්වැන්න මිලදී ගැනිම ආරම්භ කළ බවද ධීවර වරායේ කළමණාකාරවරයා සදහන් කළේය
මේ පිළිබදව අදහස් දක්වමින් ගාල්ල ධීවර වරායේ කළමණාකාරවරයා මෙසේද කිවේය.
"21 වැනිදා සිට අද (26) දක්වා කාලය තුළදී මත්ස්‍ය අස්වැන්න නෙලාගෙන යාත්‍රා 102ක් පැමිණ තියෙනවා. අද දිනයෙත් ධීවර යාත්‍රා 18ක මසුන් ගොඩ බැමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. සෞඛ්‍ය හා නිරෝධායන නිතිරිතිවලට අනුකුලව මෙම කටයුතු කරගෙන යනවා. මසුන් ප්‍රවාහනය කිරිම සදහා ලොරි රථවල ගැටළුවක් තියෙනවා. ලින්නා රුපියල් 110, ලේනාව රුපියල් 100 කට, කෙලවල්ලා 350කට, තල්පත් රුපියල් 750කට, කොප්පරා රුපියල් 600 කට වැනි මුදලකට මිලදි ගන්නවා."
ගාල්ල ධීවර වරායේ ධීවර කාර්මිකයින් 600 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණයට ලක් කළ බවත්, අද දින ඉන් 178 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ නිකුත් වූ බවත්, ඉන් කිසිවකුට කොරෝනා ආසාදනය වී නොමැති බවත් කළමණාකාරවරයා වැඩි දුරටත් සදහන් කළේය.
අදහස් (0)
ධීවර සංස්ථාව ගාල්ලේ මාළු අස්වැන්න මිලදී ගනී
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
එසැණ පුවත්
Our Group Site
ධීවර සංස්ථාව ගාල්ලේ මාළු අස්වැන්න මිලදී ගනී