IMG-LOGO

2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා


නැගෙනහිර බහාලු‍ම් පර්යන්තයේ තෙවැනි නැංගුරම්පොළ සේවයට එක් කෙරේ


භානුක අමරසිංහ


කොළඹ වරායේ පිහිටි නැගෙනහිර බහාලු‍ම් පර්යන්තයේ (CECT) තෙවැනි නැංගුරම්පොළ සේවයට එක් කිරීම පසුගියදා සිදු වූ බව එම පර්යන්තය පවසයි. 

මෙහිදී අදහස් දක්වා සිටි කොළඹ වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් සිරිමෙවන් රණසිංහ (විශ්‍රාමික) මහතා, 2025 වසරේදී නැගෙනහිර බහාලු‍ම් පර්යන්තය මගින් බහාලු‍ම් ලක්ෂ 5ක් (TEUs) හැසිරවීමට සමත් වූ බවත්, මෙම තෙවැනි නැංගුරම්පල සේවයට එක් කිරීමත් සමගින්ම මෙම බහාලු‍ම් හැසිරවීමේ ධාරිතාව තවදුරටත් ඉහළ යනු ඇතැයි සඳහන් කර තිබේ.

2012දී ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය යටතේ නැංගුරම්පොළ 3ක් ඉදිකෙරේ. මේ සදහා ශ්‍රි ලංකා වරාය අධිකාරිය තනිවම යොදා ඇති අායෝජනය රුපියල් බිලියන 1ක් පමණ වෙයි. මෙම එක් කිරීමත් සමගින්ම මීටර් 1,320ක දිගකින් යුත් මෙම නැගෙනහිර බහාලු‍ම් පර්යන්තයේ මීටර් 1,090ක දිගක් සම්පූර්ණ වන බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය. ඉතිරි මීටර් 210ක ප්‍රමාණයෙන්ද සියයට 82ක්ද සම්පූර්ණ කෙරී තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ වීමත් සමගින්ම එම පර්යන්තය තුළ එක්වර මීටර් 400ක් දිග නෞකා තුනක් නැංගුරම් ලා තැබිය හැකි වනු ඇතැයි පැවසෙයි.



අදහස් (0)

නැගෙනහිර බහාලු‍ම් පර්යන්තයේ තෙවැනි නැංගුරම්පොළ සේවයට එක් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site