IMG-LOGO

2026 ඔක්තෝබර් මස 07 වන බදාදා


නිල විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.45ක් දක්වා අඩු වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදෙස් මුදල් සංචිතයේ වත්කම පසුගිය ජූනි මාසය අවසන් වනවිට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,450 ක් ලෙස සටහන් වන බව මහ බැංකුව පවසයි. 

ඒ අනුව මෙය පසුගිය මැයි මාසයේදී පැවැති ඩොලර් මිලියන 6,881 ක නිල විදෙස් සංචිතයේ වත්කම හා සැසඳීමේදී ඩොලර් මිලියන 431 ක එනම් සියයට 6.26 ක අඩුවීමක් ලෙස සටහන්ව තිබේ. 

මෙහිදී විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 6,661 ක සිට ඩොලර් මිලියන 6‍,254 ක් දක්වා අඩු වී තිබේ. එසේම රන් සංචිතයේ වටිනාකමත් ඩොලර් මිලියන 216 ක සිට ජූනි මාසය වන විට ඩොලර් මිලියන 191ක් දක්වා අඩුවී තිබේ.



අදහස් (0)

නිල විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.45ක් දක්වා අඩු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site