×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
නව Mahindra Bolero MaXX Pik-Up රථ පෙළ ලංකාවට
කතෘ මණ්ඩලය 2026 සැප්තැම්බර් මස 16
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
ඉන්දියාවේ Mahindra & Mahindra සමාගමේ දේශීය කළමනාකාරු සුජිට් ජයන්ත්, අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ සහ සභාපති නලින් වෙල්ගම යන මහත්වරු සහ නේෂන් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ගුණතිලක, අයිඩියල් මෝටර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා ඩිලානි යටවක යන මහත්ම මහත්මීන් නව Mahindra Bolero MaXX Pik-Up රථ හඳුන්වා දුන් අයුරු.
ව්‍යාපාරික අවශ්‍යතා
රැසකට ගැළපෙන ටොන්
1.5 සහ ටොන් 1.7 බර
පැටවීමේ ධාරිතාවෙන් යුක්තයි
වසර 3 ක හෝ කිලෝමීටර්
100,000 ක නිෂ්පාදක වගකීමක්
කර්මාන්තශාලාවෙන්ම
සවිකළ AC, Turn Safe පහන්
සහ Reverse Parking Sensors
ඇතුළු නවීන පහසුකම් රැසක්
Mahindra & Mahindra (M&M) සමාගම සහ අයිඩියල් මෝටර්ස් (Ideal Motors) එක්ව, නවතම Bolero MaXX Pik-Up වාහන පෙළ කොළඹ BMICH හි පැවැත්වූ ද මෝටර් ෂෝ (The Motor Show) ප්‍රදර්ශනයේදී නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව ශ්‍රී ලාංකික වෙෙළඳපොළ තුළ Bolero සන්නාමයේ වර්ධනය සලකුණු කරන තවත් එක් වැදගත් සංධිස්ථානයක් වශයෙන් සැලකිය හැකිය.
ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් අතර ඉහළ විශ්වාසයක් දිනා සිටින Bolero City Pik-up රථයේ ශක්තිමත් පදනම මත පිහිටා නිර්මාණය කර ඇති මෙම නව Bolero MaXX රථ පෙළ, ඉහළ ඵලදායිතාවක්, වැඩි බරක් ප්‍රවාහනය කිරීමේ හැකියාව, රියදුරු සුවපහසුව සහ වැඩිදියුණු කළ ආරක්ෂාව තහවුරු කරයි. මෙම රථ පෙළ MaXX Performance, MaXX Safety, MaXX Comfort සහ MaXX Profitability යන ප්‍රධාන තේමාවන් 4 පදනම් කරගනිමින් නිපදවා ඇත.
අයිඩියල් මෝටර්ස් සමාගමේ පුළුල් පසුඅලෙවි සේවා ජාලයේ සහයෝගයද සහිතව පැමිණෙන නව Bolero MaXX Pik-Up රථ පෙළ, මෙරට Single Cab Pickup වාහන කාණ්ඩයේ නවතම පෙරළියක් ඇති කරනු ඇතැයි අපේක්ෂිත Pik-up රථයකි.
නව Bolero MaXX Pik-Up රථ, ටොන් 1.5 සහ ටොන් 1.7 යන බර පැටවීමේ ධාරිතාවන්ගෙන් යුත් මාදිලි දෙකකින් (1.5-ton & 1.7-ton payload variants) ලබාගත හැකි බැවින්, තම ප්‍රවාහන හා ව්‍යාපාරික අවශ්‍යතාවලට වඩාත්ම ගැළපෙන මාදිලිය තෝරා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවේ.
මහින්ද්‍රා සමාගමේ කීර්තිමත් m2Di ඩීසල් එන්ජිමෙන් බලගන්වා ඇති මෙම නව Bolero MaXX Pik-Up රථ වාහන පෙළ, ඉහළ කාර්යසාධනයක්, විශ්වාසනීයත්වයක් සහ විශිෂ්ට ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා දෙන අතර එනිසා ප්‍රවාහන ක්ෂේත්‍රයේ නිරත වන්නන්ට, ගොවීන්ට, වෙළෙන්දන්ට, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ එදිනෙදා භාණ්ඩ බෙදාහැරීමේ නිරත වන්නන්ට අවම වියදමකින් ඉහළ ඵලදායිතාවක් ලබා ගත හැකිය. වැඩි කළ බර පැටවීමේ ධාරිතාව, විශාල භාණ්ඩ පැටවීමේ ඉඩකඩ සහ පහසුවෙන් හසුරුවාලීමේ හැකියාව නිසා ධාවන පිරිවැය පාලනය කරගනිමින් උපරිම ලාභයක් ලැබීමට මෙය උපකාරී වේ.
රියැදුරාගේ පහසුව වෙනුවෙන් කර්මාන්තශාලාවෙන්ම සවිකළ Air Conditioning (සහ Heater) පද්ධතියක්, ආකාර 6 කට සකස් කළ හැකි රියදුරු අසුනක්, සහ වඩාත් ඉඩකඩ සහිත අභ්‍යන්තර නිමාව ඇතුළත් කර ඇත. එමෙන්ම, Reverse parking sensors, Cornering පහසුව සපයන Turn Safe lights සහ පැහැදිලි ලෙස මාර්ගය දර්ශනය වන පරිදි සකසා ඇති උපාංග මඟින් රියදුරු ආරක්ෂාව තවදුරටත් තහවුරු කර ඇත.
මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් Mahindra & Mahindra Ltd. හි ජාත්‍යන්තර මෙහෙයුම් ප්‍රධානී (Automotive Division) සචින් අරෝල්කර් (Sachin Arolkar) මහතා මෙසේ පැවසීය: "නව Bolero MaXX රථ පෙළ හඳුන්වාදීම ශ්‍රී ලංකාවේ මහින්ද්‍රා සන්නාමයේ වාණිජ/ව්‍යාපාරික වාහන පෙළ තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක්. උසස් කාර්යසාධනය, ආරක්ෂාව, සුවපහසුව සහ ලාභදායීතාව පදනම් කරගෙන නිර්මාණය කළ Bolero MaXX Pik-up රථ ව්‍යාපාරිකයන්ගේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන්ම ධාවන පිරිවැය අවම කරගැනීමට සුවිශේෂී සහයක් ලබා දෙන නිසා නව MaXX Pik-Up රථ සඳහා ශ්‍රී ලාංකික වෙළඳපොළ තුළ සුවිශාල ජනප්‍රසාදයක් හිමි වනු ඇති බවට අපි විශ්වාස කරනවා."
අයිඩියල් මෝටර්ස් සමාගමේ සභාපති නලින් වෙල්ගම මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: "Mahindra MaXX Pickup රථ පෙළ යනු අපගේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නිරතවන්නන්ට, ගොවීන්ට සහ වෙළෙන්දන්ට ඉතාමත් ප්‍රායෝගික හා ශක්තිමත් විසඳුමක්. වැඩි බරක් රැගෙන යාමේ හැකියාව, සුවපහසු අභ්‍යන්තර පහසුකම් සහ අවම පිරිවැය මෙහි ප්‍රධානතම විශේෂත්වයන් වශයෙන් නම් කළ හැකියි. ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය සැහැල්ලු වාණිජ වාහනය ලෙස Bolero ලබා සිටි නාමය තවදුරටත් තහවුරු කරමින්, මෙම නව MaXX රථ පෙළ පාරිභෝගිකයින්ට හොඳම අත්දැකීම ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරනවා."
දිවයින පුරා විසිරුණු මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් අලෙවි හා සේවා ජාලය මඟින් විශ්වාසනීය පසුඅලෙවි සේවාවක්, නොකඩවා ලබාගත හැකි Genuine Spare Parts සහ ව්‍යාපාරික අවශ්‍යතාවලට ගැළපෙන මූල්‍ය (Financing) පහසුකම්ද පාරිභෝගිකයින්ට ලබා ගත හැකි වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.
අදහස් (0)
නව Mahindra Bolero MaXX Pik-Up රථ පෙළ ලංකාවට
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
නව Mahindra Bolero MaXX Pik-Up රථ පෙළ ලංකාවට