IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


නිෂ්පාදන බදු නැංවීමට අවසර

නිමල කොඩිතුවක්කු


නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ විධි විධාන පරිදි නිකුත් කරන ලද නියමය සහ සුරාබදු ආඥාපනතේ විධිවිධාන පරිදි නිකුත් කරන ලද නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට්  අනුමැතිය ලැබී ඇත.

මෝටර් රථ, දුම්වැටි, පැණි බීම සහ දුම්කොළ ඇතුළු රුපියල් වටිනාකමින් නිශ්චිතව දක්වා ඇති නිෂ්පාදන බද්දට යටත් සියලු‍ම අයිතම සඳහා වන නිෂ්පාදන බද්ද 2025-01-11 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 5.9 කින් වැඩි කරනු ලැබ ඇත.

එම තීරණය බලාත්මක කරමින් 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියමය 2025-01-10 දිනැති අංක 2418/43 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

 



අදහස් (0)

නිෂ්පාදන බදු නැංවීමට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site