IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පෞද්ගලික විශ්වවිද්‍යාල අධීක්ෂණ යාන්ත්‍රණයක්

යොහාන් භාසුර


අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව පෞද්ගලික විශ්වවිද්‍යාල අධීක්ෂණ සහ ලියාපදිංචි කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය. 

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා සහ පසුගිය සතියේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා මහතා එසේ කීය.

පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ අධීක්ෂණයක් නොමැතිකම ප්‍රමිති පවත්වාගෙන යාමේදී අමාත්‍යාංශය මුහුණ දෙන ප්‍රධාන ගැටලු‍වක් බවත් ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල 27 කට අමතරව නිරීක්ෂණය කිරීමට නියමිත විශ්වවිද්‍යාල ද වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඇතැම් පෞද්ගලික විශ්වවිද්‍යාල විදේශීය විශ්වවිද්‍යාලවලට අනුබද්ධ බවට ප්‍රචාරය කර ඇති නමුත් නිසි ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් නොමැති බව කී අමාත්‍යවරයා ඔවුන්ට තවදුරටත් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවශ්‍ය නම් විශ්වවිද්‍යාලය ප්‍රපාද කොමිසමේ ලියාපදිංචි වියයුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ලියාපදිංචියකින් තොරව මෙවැනි ව්‍යාපාර සිදුකිරීම පවතින රෙගුලාසි කඩකිරීමක් බැවින් ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන යන ආයතන සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳව අමාත්‍යාංශය සමීක්ෂණයක් කිරීමට නියමිත බව කී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේ ලියාපදිංචිය සහ අධීක්ෂණ ක්‍රියාවලිය සඳහා පවතින නීති භාවිත කළ හැකි බවත්ය.

 



අදහස් (0)

පෞද්ගලික විශ්වවිද්‍යාල අධීක්ෂණ යාන්ත්‍රණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site