IMG-LOGO

2026 ඔක්තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා


පෑන් ඒෂියා බැංකුවේ දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා කොටස් මිලියන 22.1ක් විකුණයි


භානුක අමරසිංහ


බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන පෑන් ඒෂියා බැංකුවේ දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වන ජපානයේ Bansei Securities Co., Ltd සමාගම එම කොටස් අතරින් 22,128,082ක කොටසක් අලෙවි කළ බව පවසයි. 

එම අවස්ථාව වනවිටත් සමාගම සතුව බැංකුව නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් කොටස් 66,384,246ක එනම් සියයට 15ක කොටස් හිමිකාරීත්වයක් පැවතුණි. මෙම අලෙවියත් සමගින් එම කොටස් ප්‍රමාණය 44,256,164ක් දක්වා එනම් සියයට 10ක් දක්වා සියයට 5කින් අඩුවී තිබේ. ඒ අනුව ඊයේ දිනය වනවිට පෑන් ඒෂියා බැංකුවෙහි මහජන කොටස් හිමිකාරීත්වය සියයට 60.01ක් ලෙස, මේ වසරේ ජූනි 30 වැනිදා පැවැති සියයට 55.01 සිට සියයට 5කින් ඉහළ ගොස් තිබේ. මහජන කොටස්හිමිකරුවන් 7,999ක් අතර එම කොටස් බෙදී ගොස් තිබුණි. පෑන් ඒෂියා බැංකුවේ වැඩිම තනි කොටස් හිමිකාරීත්වය වන කොටස් 132,724,230ක් එනම් සියයට 29.99ක් හිමිව ඇත්තේ ධම්මික පෙරේරා මහතාටයි.



අදහස් (0)

පෑන් ඒෂියා බැංකුවේ දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා කොටස් මිලියන 22.1ක් විකුණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site