මහජන බැංකුවේ ‘පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි’ දිනුම් ඇදීමේ සුපිරි ජයග්‍රාහකයන් තිදෙනාට හිමි තිළිණ පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි.
ඒ අනුව පන්නිපිටියේ පදිංචි වී.ආර්.ඒ. ගුණසේකර මහත්මියට රු.1,000,000/-ක්, කඩවත, කිරිල්ලවල පදිංචි ඒ.එම්. නන්දනි කීර්තිලතා මහත්මියට රු.500,000/-ක් සහ මාතලේ, කවුඩුපැලැල්ල, ජේ.ඒ.එන්.කේ ජයසිංහ මහත්මියට රු.250,000/-ක් බැගින් රු. 1,750,000ක් වටිනා ගෘහ විදුලි උපකරණ පිරිනැමිණි. මෙම තිළිණ ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් පිරිනැමිමට මහජන බැංකුව කටයුතු යොදා තිබිණි.
මීට අමතරව මාසික දිනුම් ඇදීම්වල ජයග්‍රාහකයන් 150කට රු. 25,000ක් වටිනා සුපිරි වෙළෙඳසැල් වවුචර්පත් 150ක් පිරිනැමේ.
මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී (ගෙවීම්, ක්‍රියාවලි කළමනාකරණ හා තත්ව ආරක්ෂණ) නිල්මිණි ප්‍රේමලාල්, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, කාඩ්පත් ප්‍රධානි ජයනාත් ඩයස් යන මහත්ම මහත්මින් ඇතුළු ප්‍රාදේශීය කළමනාකරුවෝ, කාඩ්පත් මධ්‍යස්ථානයේ කළමනාකරුවෝ සහ ශාඛා කළමනාකරුවෝ ඇතුළු බැංකු නිලධාරීහු සහභාගී වූහ.
මහජන බැංකුවේ ‘පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි’ දිනුම් ඇදීම 2024 ජූලි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා ක්‍රියාත්මක වූ අතර, මේ තුළින් පිරිනැමෙන මුළු තිළිණවල වටිනාකම රු.5,500,000කි.
‘පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි’ සුපිරි ජයග්‍රාහකයන්ට තිළිණ පිරිනැමේ