විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් මේ මස පළමු දින 13 තුළ සංචාරකයන් 115,043 ක පිරිසක් මෙරටට පැමිණ ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 17 ක වර්ධනයක් බව සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව මෙම වසර ආරම්භයේ සිට පෙබරාවාරි මස 13 වැනිදා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 370,000 පසුකර ඇති බවත්, එය පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයක් බවත් පැවැසෙයි.
පසුගිය වසරේ මෙම කාලය සඳහා සංචාරකයන් මෙරටට පැමිණීමේ දෛනික සාමාන්‍ය 7,573 ක් වූ බවත්, එය මෙම වසරේදී 8,849 දක්වා වැඩිවී තිබෙන බවත් එම දත්ත වාර්තාවල දැක්වේ.
වත්මන් ප්‍රවණතාව අඛන්ඩව පැවතුණහොත් පෙබරවාරි මාසයේදී සංචාරකයන් 250,000 ක පිරිසක් මෙරටට පැමිණිය හැකි බව සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.
එහෙත් වත්මන් ප්‍රවණතාව අනුව සංචාරක සංවර්ධන අධිකාරිය මෙම මස සඳහා තීරණය කර ඇති ඉලක්කය වන 310,937 සංචාරකයන් පිරිස සපුරා ගැනීමට හැකියාවක් නොමැති බව ඔවූහු පෙන්වා දෙති.
ඉලක්කය සපුරා ගැනීමට නම් දිනකට සාමාන්‍යයෙන් සංචාරකයන් 11,105 ක පිරිසක් මෙරටට පැමිණිය යුතුව ඇත.
මෙතෙක් ජනවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් පිරිස මෙම වසරේ ජනවාරි මාසයේදී වාර්තා කරමින් ශ්‍රී ලංකාව සුබවාදීව වසර ආරම්භ කළේය.
මෙම වසරේ ජනවාරි මාසයේදී සංචාරකයන් 252,761ක පිරිසක් මෙරටට පැමිණ තිබූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 21.4 ක වර්ධනයක් විය.
පෙබරවාරි දින දහතුනට සංචාරකයෝ 115,043 ක්