විමුක්ති එස් රුද්‍රිගු
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පෙරේදා (25) පැවැති රැස්වීමේදී තීරණය කර ඇතැයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
දේශීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණය ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. මෙරට ආර්ථික වර්ධන වේගයට සහායක් වෙමින් උද්ධමනය ඉලක්කගත සියයට 5 මට්ටමේ තබා ගැනීමට පවතින එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට හැකියාව තිබෙන බව මුදල් මණ්ඩලයේ විශ්වාසය යැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
විදුලිය ගාස්තුව සහ ඉන්ධන මිල කීප වතාවක් පහළ දැමීම හේතුවෙන් උද්ධමනය සෘණ මට්ටමක පවතින බවත් මෙරට උද්ධමනය මෙම වසරේ මැද භාගය වනවිට ධනාත්මක තත්වයක් දක්වා ඉහළ යනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. මෙම වසර අවසානය වනවිට උද්ධමනය ඉලක්ක ගත මට්ටමට ළඟා වනු ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. මෙම වසර පළමු මාස දෙක තුළ පෞද්ගලික අංශය ලබාදී ඇති ණය රුපියල් බිලියන 105 කින් ප්‍රසාරණය වී ඇති බවත් මෙතෙක් ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බවත් මහ බැංකුව පැවැසුවේය.
ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් නොවේ