IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ප්‍රතිපත්ති පොලී අනුපාතය වෙනස් නොවේ

 

  • එල් නිනෝ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් සම්බන්ධයෙන්ද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ අවධානය

විමුක්ති එස්. රුද්‍රිගු


මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පෙරේදා (29) පැවැති රැස්වීමේදී දැනට පවතින එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 8.75ක මට්ටමේ නොවෙනස්ව තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (30) ප්‍රකාශ කළේය.

වර්තමානයේ දේශීය සහ ගෝලීය ආර්ථිකයේ සිදුවන වර්ධනයන් සැලකිල්ලට ගනිමින් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව මහ බැංකුව නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ. පසුගිය මැයි මාසයේදී ගත් දැඩි මුදල් ප්‍රතිපත්තිවල බලපෑම් මෙන්ම දේශීය හා ගෝලීය ආර්ථික තත්වයන්හි සිදුවෙමින් පවතින වෙනස්කම් සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව මහ බැංකුව සඳහන් කරයි.

මැදපෙරදිග පවතින භූදේශපාලනික ආතතීන් සහ එල් නිනෝ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් සම්බන්ධයෙන්ද එහිදී මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශේෂ අවධානය යොමුකළ බවද එම නිවේදනයේ දැක්වේ.



අදහස් (0)

ප්‍රතිපත්ති පොලී අනුපාතය වෙනස් නොවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site