IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


‘ප්‍රීමා පාන් මිල වැඩි කළේ අපි නොවෙයි’

ප්‍රීමා  තිරිඟු  පිටි කිලෝවක මිල රුපියල් 7.20 කින්  වැඩි  කිරිම නිසා  පාන් ඇතුළු අනිකුත් නිෂ්පාදන මිල ඉහළ නංවන්නේ දැයි බේකරි  හිමියන්ගේ සංගමයේ  සභාපති  එම්.කේ.ජයවර්ධන මහතාගෙන් විමසු විට ඔහු මෙසේ පැවසීය.

දැනට  තිරිඟු පිටි  කිලෝවක මිල වැඩි  කර  ඇත්තේ ප්‍රිමා  සමාගම බැවින්  යම් හෙයකින්  සෙරන්ඩිබ් සමාගමත්  කිලෝවක මිල වැඩි කළ හොත්  පාන් මිල හා  අනෙකුත්  නිෂ්පාදන මිල ගණන් ඉහළ දැමීමට සළකා බැලිය යුතු බව කියයි.

පාන් මිල වැඩි කර ඇති බවට  රාවයක් මතු වුවත් එහි වගකීම බේකරි සංගමයට ගත නොහැකි බව ද ඔහු පවසයි.

 

 

 



අදහස් (0)

‘ප්‍රීමා පාන් මිල වැඩි කළේ අපි නොවෙයි’

හේවා Tuesday, 15 March 2016 07:26 PM

ආණ්ඩුවත් අපේ බඩටම ගහන්නයි හදන්නේ (නි)

:       0       0

නලීන් Tuesday, 15 March 2016 12:39 PM

මේකට පිළියමක් නැද්ද?(හේ)

:       0       0

පාලිත Tuesday, 15 March 2016 12:39 PM

අපි ඔය බව කලින්ම දැනගෙන හිටියා.(හේ)

:       0       0

බුද්ධීක Tuesday, 15 March 2016 12:39 PM

දැන් ඉතින් හැම තැනින්ම වැඩි කරයි.(හේ)

:       0       0

කල්ප Tuesday, 15 March 2016 12:39 PM

මේක පොඩි තැනේ ඉදන් ලොකු තැනටම බලපායි.(හේ)

:       0       0

ගයන්ත Tuesday, 15 March 2016 12:31 PM

මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න බෑ.(හේ)

:       0       0

සම්පත් Tuesday, 15 March 2016 12:31 PM

තව සතියක් යන්න කලින් බේකරි නිෂ්පාදන වල මිල වැඩි වෙනවා සිකුරුයි.(හේ)

:       0       0

අකිත Tuesday, 15 March 2016 12:31 PM

ඇයි ප්‍රිමා එක පාරම පිටි මිල ඉහල දැම්මේ හේතුව කුමක්ද?(හේ)

:       0       0

සන්තුෂ් Tuesday, 15 March 2016 12:31 PM

දුක තමයි මොනවා කරන්නද ඉතින්.(හේ)

:       0       0

අසිත Tuesday, 15 March 2016 12:31 PM

එහෙනම් පාන් මිල රුපියල් 10කින්වත් වැඩිවෙයි.(හේ)

:       0       0

සිතුම් Tuesday, 15 March 2016 12:31 PM

පොඩි මිනිහගේ බඩට තමයි මේකෙන් වදින්නේ.(හේ)

:       0       0

මහේෂ් Tuesday, 15 March 2016 12:31 PM

එහෙනම් හැමෝම අද ඉඳන් කඩේට ගිහින් කියන්න "මට සෙරන්ඩිබ් පාන් ගෙඩියක් දෙන්න මුදලාලි" කියලා (හේ)

:       0       0

දිනිඳු Thursday, 24 March 2016 09:24 AM

පාන් නම් වැඩි වුනත් කමක් නැහැ. වී කිලෝව රුපියල් 16 ටත් විකුණගන්න බැරුව තියෙන කාලේ හාල් කිලෝව රුපියල් 55ත් පැනපු එකනේ වැඩේ. (බ)

:       0       0

සමන්ති Wednesday, 16 March 2016 12:47 AM

දැනටමත් සමහර ප්‍රදේශවල චූන් පාන් වෑන් වලින් කිඹුලා බනිස් හරියට හූනා බනිස් වගේ තමයි දෙන්නේ (නි)

:       0       0

තාරක Tuesday, 15 March 2016 10:49 AM

කොහොමහරි අපිනේ ඒකට ගෙවන්න ඕන. (ර)

:       0       0

අමාලි Tuesday, 15 March 2016 10:58 AM

දැන් අපට පාන් නෑ. පර්ප්පුත් නෑ, කොත්තමල්ලිත් නෑ. (ර)

:       0       0

අසංක Tuesday, 15 March 2016 10:52 AM

අපේ බඩට වදින වැඩක් වුනොත් තමයි වෙන්නේ.(හේ)

:       0       0

අමාලි Tuesday, 15 March 2016 11:00 AM

දැන් එහෙනම් කාලත් හමාරයි.(හේ)

:       0       0

අමාලි Tuesday, 15 March 2016 11:00 AM

දැන් එතකොට අර ප්ලේන්ට්යටයි අප්පෙටයි මොකද වෙන්නේ ? දැන් අපට පාන් නෑ.පරිප්පුත් නෑ....කොත්තමල්ලිත් නෑ (හේ)

:       0       0

නිමල් Tuesday, 15 March 2016 06:40 AM

සංගමය නෙවෙයි මිල ඉහළ දාන්නෙ. අපි දන්නවා. අපි කල්පනා කරන්නේ ඉස්සරහට සේරම බඩු මිල නගිනකොට කබලෙන් ළිපට බව දැනෙන නිසා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site