ශ්‍රී ලංකාවේ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime Lands Residencies PLC සමාගමේ නවතම ව්‍යාපෘතිය ‘The Colombo Border’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. එහි ඉදිකිරීම් සිදුකරනු ලබන්නේ මෙරට ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක් වන Sanken Construction පුද්. සමාගම විසිනි. 1984 වර්ෂයේදී ආරම්භ වූ Sanken Construction පුද්. සමාගම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමක් සහිත සමාගම් අතරින් එකක් ලෙස සැලකේ.
සුඛෝපභෝගී නිවාස එකතුවකින් සමන්විත ‘The Colombo Border’ ව්‍යාපෘතියට නිදන කාමර 2 කින් සහ 3 කින් සමන්විත නිවාස මෙන්ම නිදන කාමර 4 කින් සමන්විත ‘Duplex Penthouses’ වර්ගයේ නිවාස සීමිත සංඛ්‍යාවක්ද ඇතුළත් වනු ඇත. විශේෂයෙන්ම තරුණ වෘත්තිකයන්ගේ රුචිකත්වයන්ට ගැළපෙන පරිදි, නවීනතම ගෘහ නිර්මාණාත්මක සැලසුම්වලට අනුව, ඉහළම තලයේ පහසුකම් සහිතව මෙම සුඛෝපභෝගී නිවාස ඉදිකෙරේ. මෙම නිවාස ව්‍යාපෘතිය කුලුනු 3 කින් සමන්විත වන අතර, ඒ අතරින් ‘Brielle Tower’ ඉදිකරනු ලබන්නේ Sanken Construction පුද්. සමාගම විසිනි.
ව්‍යාපෘති භූමිය අක්කර 6.5 කින් සමන්විත වන අතර, ඒ අතරින් අක්කර 5 ක්ම හරිත අවකාශය සඳහා වෙන් කෙරේ. ගහකොළ පිරුණු මෙම සුන්දර ‘The Colombo Border’ ව්‍යාපෘතියේ ඉහළම නාගරික පහසුකම් සහිතව දිවි ගෙවන නිවැසියන්ට ස්වාභාවික පරිසරයේ සුව සහනය සිත් සේ අත්විඳීමට අවස්ථාව සලසා දෙනු ඇත.
ප්‍රධාන පෙළේ සුඛෝපභෝගී ව්‍යාපෘති සම්බන්ධයෙන් Sanken Construction පුද්. සමාගමට දීර්ඝ ඉතිහාසයක් හා පළපුරුද්දක් ඇත. උසස්ම තත්වය හා විශිෂ්ටත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන එම සමාගම මේ වනවිට ව්‍යාපෘති රාශියක් සාර්ථක ලෙස ඉදිකර තිබේ. ඉදිකිරීම්වල විශිෂ්ටත්වය සම්බන්ධයෙන් Sanken Construction පුද්. සමාගම සතු දැක්ම, Prime Lands Residencies PLCසමාගමේ දැක්මට බෙහෙවින් සමාන ය.
“The Colombo Border ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා අපSanken Construction පුද්. සමාගම තෝරාගත්තේ ඔවුන් විශිෂ්ටත්වය සහ උසස් ප්‍රමිතිය සම්බන්ධයෙන් අපට බෙහෙවින් සමාන ආකල්ප සහිත සමාගමක් නිසයි. ගුණාත්මකභාවය සහ නිරවද්‍යතාව සම්බන්ධයෙන් Sanken Construction පුද්. සමාගමට ඉහළ පිළිගැනීමක් හිමි වී තිබෙනවා.
The Colombo Border ව්‍යාපෘතියේ මූලික අදියර (Piling) මේ වනවිට අවසන් වී ඇති අතර, ඉන් පසු අදියරේ (Super structure) ඉදිකිරීම් කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී. මෙම නිවාස එකතුව 2027 වසරේදී නිල වශයෙන් විවෘත වීමට නියමිත ය.
ප්‍රයිම් රෙස්ඩන්සීස්-සන්කෙන් ‘The Colombo Border’ ව්‍යාපෘතියට ගිවිසුමක