විමුක්ති එස් රුද්‍රිගු
මෙරට දේශපාලන ස්ථාවරත්වය ඇති වීමත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමත් සහ දීර්ඝ කාලීන ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යෑමත් සමග අග්නිදිග ආසියාවේ රටවල්වල දැක ඇති පරිවර්තනීය වර්ධනයක් ශ්‍රී ලංකාවට ළඟා කර ගැනීමට සැලසුම් කිරීමට කාලය එළැඹ ඇතැයි ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා පෙරේදා (28) ප්‍රකාශ කළේය.
මෙරට බහුතර ජනතාවගේ ජීවන තත්වය ඉහළ දමන සහ තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කරන දශකයක් සඳහා අඩි තාලම දැමීමට සුදුසුම වසර 2025 වසර බවද ඔහු පැවැසුවේය.
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2025 අමතමින් හුලංගමුව මහතා මෙම අදහස් පළ කළේය. ‘‘ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2025” හි ආරම්භක සැසිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙරට ආර්ථික වර්ධන වේගය වසර දෙකක කාලයක් 2022 සහ 2023 වසරවලදී සෘණ අගයක් ගත් බවත්, පසුගිය වසරේදී ආර්ථිකය පණ ගසමින් ධනාත්මක වර්ධන වේගයක් පෙන්නුම් කළ බවත් දුමින්ද හුලංගමුව මහතා ප්‍රකාශ කළේය.
කාලයේ අවශ්‍යතාව වන්නේ දැඩි මූල්‍ය පරිසරයක් තුළ අපනයනය මෙහෙයවන පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීම බවද හුලංගමුව මහතා ප්‍රකාශ කළේය.
පරිවර්තනීය වර්ධනයක් සැලැසුම් කිරීමට කාලය එළැඹිලා