IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


පොල් දෙසතිය බෙන්තොට තුන්දූවේදී ඇරැඹේ

 


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


පොල් වගාව වැඩිදියුණු කිරීම සඳහා විශේෂ පොල් පොහොර පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් බෙන්තොට තුන්දූවේදී පැවැත්විණ. පොල් සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක මේ වැඩසටහන පොල් දෙසතිය නමින් නම් කර තිබිණ.

එහිදී ගම් මට්ටමෙන් සාර්ථක පොල් පලදාවක් ලබා ගැනීමට පොල් ගසට විද්‍යානුකූලව පොහොර වර්ග එකතු කළ යුතු ආකාරය සහ ඊට එකතු කළ පොහොර වර්ග පිළිබඳව ගම්මුන්ට ක්ෂේත්‍ර දැනුම්වත් කිරීමක් සිදු කෙරිණ.

පොල් සංවර්ධන මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් කළමනාකරු ගයාන් හේමන්ත, ව්‍යාපෘති නිලධාරී මාධවී දේදුණු නාරංගොඩ, පොල් සංවර්ධන නිලධාරීන් වන සුජීව පෙරේරා (ඇල්පිටිය), හර්ෂිකා වික්‍රමසිංහ (බෙන්තොට), පොල් සංවර්ධන නිලධාරිනියන් වන හිමාලි දීපිකා (බෙන්තොට), ඉරේෂා ශ්‍යාමලී (අම්බලන්ගොඩ), නිශාන්ති කාරියවසම්, නදීකා යසාංගිකා, (ගාල්ල) තුන්දුව බටහිර ග්‍රාම නිලධාරිනි ඉරේෂා කලනි, කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර රොහාන් ඉන්දික කාරියවසම්, තුන්දූව ජේ.ඩී. ධර්මසේන විදුහලේ විදුහල්පති දයාරත්න එදිරිසිංහ, සාම විනිසුරු සුසිල් පේමරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



අදහස් (0)

පොල් දෙසතිය බෙන්තොට තුන්දූවේදී ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site