ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජ විද්‍යා පීඨයේ ව්‍යවසායකත්ව හා සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරනු ලබන
JES’26 – Japura Entrepreneurship Summit 2026 හි අවසන් තරගය හා සම්මාන උළෙල සැප්තැම්බර් 28 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශ්‍රී සුමංගල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
දිවයින පුරා පාසල් සිසුන්ගේ නිර්මාණශීලීත්වය, නවෝත්පාදන හැකියාව සහ ව්‍යවසායකත්ව කුසලතා ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සංවිධානය කර ඇති JES’26 තරගාවලිය, පාසල් සිසුන්ට තම නව අදහස්, නිර්මාණ හා නිෂ්පාදන පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙයි.
අධ්‍යාපන ක්ෂේත්රය තුළින් ව්‍යවසායකත්ව චින්තනය සහ නවෝත්පාදන සංස්කෘතියක් වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පාසල් සිසුන් රැසක් එක්වීමට නියමිතය.
විශේෂයෙන්ම තරුණ පරපුර තුළ ගැටලු හඳුනාගෙන ඒ සඳහා නව විසඳුම් ඉදිරිපත් කිරීමේ හැකියාව, ව්‍යාපාරික අදහස් සංවර්ධනය කිරීම සහ නවෝත්පාදන ලෝකයට හඳුන්වාදීම සඳහා JES’26 වේදිකාවක් සපයයි.
අවසන් තරගය සහ සම්මාන උළෙල සැප්තැම්බර් 28 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙන අතර, එහිදී තරගකරුවන්ගේ නිර්මාණ හා ව්‍යවසායකත්ව අදහස් ඇගයීමට ලක් කෙරෙනු ඇත.
පාසල් සිසුන්ගේ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව හැකියාව එළිදක්වන JES’26 සැප්තැම්බර් 28 දා