IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


පහ වසර සිසුන්ට එස්ඩීබී බැංකුවෙන් අත්වැලක්

මෙම වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් වෙනුවෙන් සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට එස්ඩීබී බැංකුව පසුගියදා කටයුතු කළේ ය.

එම බැංකුවේ ලක්දරු ළමා ඉතුරුම් ගිණුම මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
 
මෙම වැඩසටහනට සමගාමීව ලක්දරු සම්මන්ත‍්‍රණ 42 ක් සංවිධානය කරන ලද අතර ඉන් 32 ක් සිංහල මාධ්‍යයෙන්ද, 10 ක් දෙමළ මාධ්‍යයෙන්ද පවත්වන ලදි.

එස්ඩීබී බැංකුවේ 20 වැනි සංවත්සරයට සමගාමීව, 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන්ට සෙත් පතා අගෝස්තු 18 වැනි දා පස්වරු 6.30 ට කැළණිය රජමහා විහාරයේදී විශේෂ බෝධි පූජා පින්කමක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.



අදහස් (0)

පහ වසර සිසුන්ට එස්ඩීබී බැංකුවෙන් අත්වැලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site