IMG-LOGO

2026 ඔක්තෝබර් මස 07 වන බදාදා


පොහොර විධිමත් කිරීමේ නියෝග පාර්ලිමේන්තුවට


නිමල කොඩිතුවක්කු


පොහොර විධිමත් කිරීමේ පනත යටතේ පනවන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනත යටතේ පොහොර ආනයනය, නිෂ්පාදනය හෝ සකස් කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේදී ගෙවිය යුතු සංස්තු අංක 1683/5 දරන 2010-12-06 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මගින් ප්‍රකාශයට පත් කර ඇත.

1988 අංක 68 දරණ පොහොර විධිමත් කිරීමේ පනතේ විධි විධාන ප්‍රකාරව එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

පොහොර විධිමත් කිරීමේ නියෝග පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site